කොළඹ දිස්ත්‍රික්කයේ පසුබෑමට ලක්වූ ව්‍යාපාරයන්හි අලෙවි වර්ධනය කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයෙ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක SED pages ජාතික වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා මහරගම කුඩා ව්‍යාපාර අංශය මගින් 2021/11/29 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මහරගම පොලිස් ස්ථානයට අනුබද්ධිත පතිරගොඩ වසමේ මහජන ආරක්ෂක කමිටුව පොලිස් ස්ථානාධිපති රමේෂ් රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-11-21 දින නාලන්දාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී. මේ සඳහා පතිරගොඩ වසමේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරී ,මහජන ආරක්ෂක කමිටුවේ පොලිස් නිලධාරීන් හා සිවිල් ප්‍රජාවද සහභාගි වන ලදී.

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන ඇඟලුම් වැඩසටහන 2021 - 527B මහරගම නැගෙනහිර,527C මහරගම බටහිර,527A පතිරගොඩ වසම් වල ප්‍රතිලාභීන් සදහා පුහුණු වැඩසටහනක් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ හා කොළඹ දිස්ත්‍රික් නිලධාරී ආනන්ද විජේකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් 2021-11-17 දින පවත්වන ලදී.

අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ගරු ප්‍රදීප් ලියනගේ නාගරික මන්ත්‍රි තුමාගේ මූලිකත්වයෙන් මහරගම නගරය වසමේ 2021-11-19 දින චන්ද්‍රසෙකරාරාමයෙ දී පොල් පැළ 25 බෙදා දෙන ලදී. මේ සදහා රාජ්‍ය නිලධාරින් හා ප්‍රතිලාභීන් සහභාගී වන ලදී.

"Voice of Colombo" රියැලිටි වැඩසටහනේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් මූලික හඬ පරීක්ෂණය සඳහා සහභාගි වූ නිලධාරීන්ට සහතික පත් ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-11-17 දින සිදු කරන ලදී. මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය , සහකාර ප්‍රාදේශීය ලේකම් එස්. කේ. ජයසුන්දර මැතිනිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.

News & Events

Scroll To Top