
අරමුණ - මෙවර අයවැය යෝජනාවලදී ප්‍රමුඛතාවයක් ලබා දී ඇති තෝරාගත් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් එකවර ආරම්භ කිරීමේ වැඩසටහනට සමගාමීව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 41හි තෝරාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. මෙම ව්‍යාපෘති සංකේතාත්මකව ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ හා දේශපාලන නියෝජිතයින් ගේ ප්‍රධානත්වයෙන් 2022.02.03 සිදු කරන ලදී.
ස්ථානය - 493 කලල්ගොඩ,493/ඒ තලවතුගොඩ බටහිර ,493/බී තලවතුගොඩ නැගෙනහිර,496කොට්ටාව දකුණ,496/ඒකොට්ටාවනැගෙනහිර,496/බී කොට්ටාව නගරය,496/සී කොට්ටාව උතුර,496/ඩී කොට්ටාව බටහිර,496/ඊ ලියනගොඩ
497 රුක්මලේ බටහිර,497/ඒ රුක්මලේ නැගෙනහිර ,497/බී රුක්මලේ නැගෙනහිර .498 මාලපල්ල නැගෙනහිර .498/ඒ මාකුඹුරඋතුර,498 /බී මාලපල්ල බටහිර.498/සී මාකුඹුර දකුණ,523 මිරිහාන උතුර,523/ඒ මිරිහාන දකුණ,524 මාදිවෙල,524/ඒ ප්‍රගතිපුර,525 තලපත්පිටිය,525/ඒ උඩහමුල්ල නැගෙනහිර,525/බී උඩහමුල්ල බටහිර,526/බී ගංගොඩවිල දකුණ,526/සී විජේරාම
526/ඩී ජම්බුගස්මුල්ල,527 නාවින්න,527/ඒ පතිරගොඩ,527 /බී මහරගම නැගෙනහිර,527 /සී මහරගම බටහිර,528 පමුණුව,528/ඒ දඹහේන,529 පොල්වත්ත,529/ඒ දෙපානම,530 මහරගම නගරය,531 පන්නිපිටිය උතුර,531/ඒ පන්නිපිටිය දකුණ,532 ගොඩිගමුවඋතුර,532/ඒ ගොඩිගමුව දකුණ ,532 /බී ගොඩිගමුව දකුණ ,532/සී වත්තේගෙදර වසම්
මගපෙන්වීම - මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් S.K ජයසුන්දර ,සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) නිමල් දයාරත්න මහතා
සම්බන්ධීකරණය- වසම් භාර සංවර්ධන නිලධාරීන්, වසමේ ග්‍රාමීය කමිටුව හා සැලසුම් අංශය ඇතුලු කාර්ය මණ්ඩලය.
කොට්ඨාසයේ ජීවනෝපාය සංවර්ධනය,පොදු යටිතල පහසුකම් සංවර්ධනය,පරිසර හා තිරසර සංවර්ධනය,සමාජ සුභසාධන හා සමාජ සංවර්ධනය,වෙළද නිවස යන ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගංගොඩවිල මහාමායා බාලිකා විද්‍යාලයේ මෙවර අ.පො.ස (සා.පෙ.)විභහගයට ඉදිරිපත්වන දරුවන් වෙනුවෙන් පවත්වනු ලැබු A9යට මගකියන්න වැඩලෝකය කියාදෙන්න අපිත් එක්ක එකතුවෙන්න වෘත්තිිය මාර්ගෝපදේශන වැඩසටහන් 2022.01.24 දින ගංගොඩවිල මහාමායා විද්‍යාලයේදී පවත්වන ලදි වැඩසටහන සදහා සමිපත් දායකත්වය වෘත්තිිය මාර්ගෝපදේශන නිලධාරිි ආනන්ද විජේකෝන් මහතා තුෂාරි අනුරුද්දිකා මහත්මිය .මානවසමිපත් නිලධාරිි ජනක බන්ඩාර මහතා ,චන්දිමාල් පියතිලක මහතා , අජිත් කුමාර මහතා. සිි වෙත්තසිංහ යන අය සිදුකල අතර වැඩසටහන් සංවිධානය මානව සමිපත් නිලධාරිි වෙත්තසිංහ විසින් සිදුකරන ලදි.

ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස් කේ ජයසුන්දර මැතිණියගේ අධීක්ෂණය මත සතුට පිරුණු අපේ ලොවක් යන තේමාව යටතේ කාර්යාලයට අනුයුක්ත අහඹු ලෙස තෝරාගත් නිලධාරි කණ්ඩායමක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් කලා ප්‍රතිකාර සහ සතිමත් බව පදනම් කරගත් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් මාලාවේ පළමු වැනි වැඩසටහන 2022-01-20 දින ආරම්භ කරන ලදී. මෙය මාස හතරක් මුළුල්ලේ සිදු කිරීමට නියමිත පර්යේෂණාත්මක වැඩසටහන් මාලාවකි. මේ වැඩසටහන් නිර්මාණය කරන ලද්දේ මනෝවිද්‍යාව උපදේශන නිලධාරීනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.මේ සඳහා සම්පත් දායකත්වය මනෝ විද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය, උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවෙල මහත්මිය , සහකාර උපදේශ නිලධාරී කල්හාරි වාසනා මහත්මිය විසින් ලබා දෙන ලදී.
තවත් කියවන්න: ප්‍රතිකාර සහ සතිමත් බව පදනම් කරගත් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන

මහරගම ප්‍රාදේශීය කොටඨාසයට අදාලව ඩිජිටල්ගතකරණය ඔස්සේ සීමා නිර්ණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙමින්, කොට්ඨාසයේ සීමා නිර්ණය පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමට නිසි මාර්ගෝපදේශනක් ලබා දීමේ අරමුණින් පැවත්වූ පුහුණු වැඩමුළුව සඳහා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ, සීමා නිර්ණය කමිටුවේ සංවර්ධන නිලධාරී, සජිත් සාරංග මහතා සම්පත් දායකත්වය ලබාදුනි.
ඒ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියළුම වසම් භාර සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2022-01-24 කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තවත් කියවන්න: “සීමා නිර්ණය” පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව

අයවැය 2022 ගම සමග පිළිසඳර ව්‍යාපෘති යෝජනා හා අනෙකුත් ව්‍යාපෘති යෝජනා පිළිබඳ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022-01-19 දින කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී. මේ සඳහා සම්බන්ධීකරණ උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා, කාන්ති කොඩිකාර මැතිණිය ඇතුළු මහජන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු කාර්යමණ්ඩලය සහභාගි වන ලදී.
















