
2021 ලෝක ළමා දිනසැමරුම හා කොස් පැල සිටුවීමේ වැඩසටහන මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ. ජයසුන්දර මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගෙ සහභාගිත්වයෙන් රුක්මලේ බාලිකා ළමා සංවර්ධන මධස්ථානයේ දි 2021-10-01 දින සිදු කරන ලදී .

2021-09-27 දින පෙ.ව 9.15 ට ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි කළමනාකරුවන්ගේ රැස්වීම සමෘද්ධි ව්‍යාපෘති අධ්‍යක්ෂ, මූලස්ථාන කළමනාකරු, ව්‍යාපෘති කළමනාකරු, බැංකු කළමනාකාරවරු හා වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙහිදී සමෘද්ධි ව්‍යාපෘති පිළිබඳ ප්‍රගතිය සාකච්ඡා කළ අතර සෞභාග්‍යයා සතිය වෙනුවෙන් නිවාස සඳහා පළවෙනි වාරික නිකුත් කිරීම, සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ ව්‍යාපෘති යටතේ මුදල් ලබාදීම, සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබා දීම ද ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

අයවැය 2022 ග්‍රාම නිලධාරී වසම් වලට වෙන් කරන ප්‍රතිපාදන සදහා ප්‍රමුඛතාගත කරන ලද සංවර්ධන යෝජනා “ගම සමග පිළිසඳර” රැස්වීම් තුලින් ලබා ගැනීම සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාමීය කටයුතු පිළිබඳ විමසා බැලීමේ හා සාකච්ජා කිරිමේ ග්‍රාමීය කමිටු රැස්වීම් පසුගිය දිනවල දී පැවැත්විය.
ඒ අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 41 තුල 2021 සැප්තැම්බර් මස 16, 21, 22, හා 23 දින වල ග්‍රාම නිලධාරී වසම්වල දී එම රැස්වීම් පැවැත්විය.
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ උපදෙස් පරිදි එම වසම්වල සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් විසින් සංවිධානය කරන ලද එම ග්‍රාමීය කමිටු රැස්වීම් සඳහා මහජන නියෝජිතයින්,ග්‍රාමීය කමිටු නිලධාරීන් සහ ප්‍රජා සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදි.
තවත් කියවන්න: "ගම සමග පිළිසඳර" රැස්වීම් - මහරගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය

මනෝවිද්‍යා උපදේශන නිලදාරිනී නේත්‍රා ගයානි මාලගොඩ මහත්මිය විසින් සම්පත් දායකත්වය සැපයූ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වල ව්‍යවසායකයන්ගෙ අභිප්‍රේරණ වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිලධාරි නිමල් දයාරත්න මහතා හා සමෘද්ධි ව්‍යාපෘති කළමනාකරු සමීර මහතා විසින් සංවිධානය කර 2021-09-27 දින පවත්වන ලදී.
තවත් කියවන්න: සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වල ව්‍යවසායකයන්ගෙ අභිප්‍රේරණ වැඩසටහන

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී රැස්වීම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021-09-27 දින පැවත්වන ලදී.
















