ප්‍රජා විශෝධන ලාභීන් තුළ "WHO Am I" මම කවුද යන සංකල්ප චිත්‍ර ප්‍රතිකාර තුළින් ඔවුන් තුළ වර්ධනය කොට ඔවුන්ට ඔවුන් හඳුනා ගැනීම සඳහා මග පෙන්වීමෙ මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් ප්‍රජා විශෝධන ලාභීන් සඳහා 2021-12-20 දින මනෝවිද්‍යා උපදේශන නිළධාරිනි නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙය සංවිධානය කරන ලද්දේ ප්‍රජා විශෝධන නිලධාරී ගිහාන් ගෝවින්න මහතා විසිනි.

524 ප්‍රගතිපුර වසමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමාගේ විමධ්‍යගත මුදලින් නිවාස 5ක් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-12-15 දින සිදු කරන ලදී. මේ සඳහා උපාලි කොඩිකාර මැතිතුමා, කාන්ති කොඩිකාර මැතිණිය, නාගරික මන්ත්‍රී ඥානසිරි දයානන්ද මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ඒ ආර් ජනක නයන කුමාර මහතා හා අනිකුත් රාජ්‍ය නිලධාරීන්ද සහභාගි වන ලදී.

පරිසර අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන්, ග්‍රාම සංවර්ධන සමිතිවල සම්බන්ධීකරනයෙන් හා ළමා සමාජද කැටුව මහරගම කොට්ඨාසය තුල දෙමුහුන් කොස් පැල 300 සිටුවීවේ ආරම්භක වැඩසටහන 2021-12-11 දින පෙ.ව.9 ට මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාමයෙදී ගරු විහාරාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා පරිසර අමාත්‍යාංශයේ ගණකාධිකාරිතුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිතුමන්, කොළඹ දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරීතුමන්,මිහිතල මිතුරෝ පරිසර සංවිධානයේ ගරු සභාපති කරුණාදාස මුනගම මැතිතුමන්,හිටපු නාගරික මන්ත්‍රී ජගත් පතිරන මැතිතුමන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තුමා,මාලපල්ල නැගෙනහිර හා බටහිර ග්‍රාම නිලධාරිනියන්, සංවර්ධන නිලධාරින්,සමෘද්ධි නිලධාරීන්,මැහුම් උපදේශකතුමිය, මාලපල්ල නැගෙනහිර හා බටහිර ග්‍රාම සංවර්ධන සමිති ප්‍රධානීන් හා සාමාජිකත්වය, ළමා කමිටු සාමාජිකත්වයේ සහභාගිත්වයෙන් පැවැත්වින.

කාර්යාලීය විදුලි සෝපානය සකස් කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2021-12-14 දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ හා දිස්ත්‍රික් ඉංජිනේරු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මේ සඳහා විදුලි ඉංජිනේරු, කාර්මික නිලධාරීන් හා  ප්‍රාදේශීය ලේකම් කාර්ය මණ්ඩලයද සහභාගී වන ලදී.

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ බොරලැස්ගමුව වැවේ ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රගතිය සාකච්ඡා කිරීමේ 2021-12-09 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම.2021-10-06 වන දින බොරලැස්ගමුව වැව සම්බන්ධව සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණයේදී ලබාගත් තීරණයන්හි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවති අතර මෙය වාපිකාරාම විහාරාධිපති පූජ්‍ය පී රතනපාල හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුනවර්ධන අමාත්‍ය තුමාගෙ සම්බන්ධීකාරක නීලවල මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු මහතා හා සහකාර ඉංජිනේරු මහතා, මහරගම නගර සභාවේ ඉංජිනේරු මහතා, ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ වැඩ පරිපාලක මහතා, මධ්යම පරිසර අධිකාරිය පරිසර නිලධාරි මහතා, මහරගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී මහතා, විහාරස්ථ දායක සභා නියෝජිත මහතුන්, බොරලැස්ගමුව වැව ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කාර මහතුන්, මහරගම සහකාර ප්‍රාදේශීය ලේකම් S.K. ජයසුන්දර මැතිතුමිය, සහකාර අධ්‍යක්ෂක සැලසුම් නිමල් දයාරත්න මහතා, වත්තෙගෙදර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර තුමා, කාර්යාලයේ තාක්ෂණ නිලධාරීන්, කාර්යාලය කෘෂිකර්ම සංවර්ධන නිලධාරි හා සැලසුම් අංශයේ සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

News & Events

Scroll To Top