1.1 භූ විෂමතාව
මෙම ප්‍රදේශය පහත් තැනිතලා ප්‍රදේශයකි. සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට මීටර් 10ත් මීටර් 30ත් අතර වේ.
1.2 ජල වහන රටාව
පැහැදිලි ජල වහන රටාවක් නොමැති අතර සාමාන්‍යයෙන් මීටර් 20ට වඩා අඩු පහත් බිම්වල පිහිටා ඇති කුඹුරු යායවල් මැදින් ගලා බස්නා කුඩා ඇල මාර්ග ඔස්සේ ජලවහනය සිදුවේ. එයිනුත් කැපී පෙනෙන ජලවහනයක් ප්‍රදේශය මධ්‍යයේ පිහිටා ඇති කුඹුරු යායවල් හරහා වැටී ඇති ඇල මාර්ග ඔස්සේ සිදුවන අතර අවසානයේ එම ඇල මාර්ග වයඹ කෙලවරේ පිහිටා ඇති දියවන්නා ඇල/ඔය හා සම්බන්ධවේ.
1.3 පස
ප්‍රදේශය මධ්‍යයේ සිට වයඹ දෙසට ඇති මීටර් 20ට අඩු පහත් බිම් ප්‍රදේශයෙහි (කුඹුරු යායවල් ඇති) හා බොරලැස්ගමුව වැව ආශ්‍රිතව මීටර් 20ට අඩු සුළු ප්‍රදේශයක හෑල සහ අර්ධ හෑල සහිත පස් සහිත ප්‍රදේශයකි. ඉතිරි මුළු භූමි ප්‍රදේශයම රතු කහ පෙඩවසාලික් පස සහිත ප්‍රදේශයකි.
1.4 ඛනිජ සම්පත්
පැහැදිලිව හඳුනාගත හැකි ඛනිජ සම්පතක් මෙම ප්‍රදේශයේ නොමැත.
1.5 දේශගුණය
පහත රට තෙත් කලාපයට අයත් මෙම ප්‍රදේශයේ ප්‍රධාන දේශගුණික ලක්ෂණය වන්නේ මනාව ව්‍යාප්ත වන අධික වර්ෂාපතනයයි. සාමාන්‍යයෙන් මිලි මීටර් 2500 කට වැඩි වර්ෂාපතනයක් මෙම ප්‍රදේශයට ලැබේ. මනාව ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් ඇතත් වර්ෂය තුළ දී අධික වර්ෂාපතනයක් ලැබෙන කාල පර්ච්ඡේද දෙකකි. එනම් මැයි සිට අගෝස්තු දක්වා (නිරිත දිග මෝසම් සුළගින්) සහ ඔක්තෝම්බර් සිට නොවැම්බර් දක්වා (අන්තර් මෝසම් හා සංවහන වර්ෂාවෙන්) යන කාල පරිච්ඡේද දෙකයි. ඒකාකාරව පවතින අධික උෂ්ණත්වයක් ද මෙම ප්‍රදේශයේ ඇත. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 27°Cක් වේ.
1.6 ස්වාභාවික වෘක්ෂලතා
මෙම ප්‍රදේශයේ ජනාකීර්ණ බව නිසාම ස්වාභාවික වෘක්ෂලතා ගනයේ ලා සැළකිය හැකි වනාන්තර කිසිවක් නොමැති අතර ස්වාභාවික නොවන වෘක්ෂලතා ලෙස සැළකෙන වෘක්ෂලතාවලින් පොල්, රබර් හා වී වැනි කෘෂි බෝග කිහිපයක් පමණක් ඇත. එයිනුත් වී වගාව ප්‍රමුඛස්ථානය හිමි කර ගනී.
1.7 භූමි පරිභෝජනය
වගුව 1.7.1:
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භූමි පරිහරණය / භූමි ආවරණය සහ එයට අදාල බිම් ප්‍රමාණයන්
|
භූමි පරිහරණය / භූමි ආවරණය |
භූමි ප්‍රමාණය(හෙක්ටයාර්) |
මුළු භූමි ප්‍රමාණයේ ප්‍රතිශතය % |
|
|
සංවර්ධනය කල බිම් ( ගොඩනැගිලි සහිත ප්‍රදේශ, නේවාසික ප්‍රදේශ, කාර්මික ප්‍රදේශ, නාගරික සේවා) |
1769 |
46.39 |
|
|
කෘෂිකාර්මික ඉඩම් |
ගෙවතු වගා |
1395 |
36.58 |
|
රබර් |
14 |
0.35 |
|
|
පොල් |
06 |
0.15 |
|
|
වී |
510 |
13.38 |
|
|
වගුරු බිම් |
46 |
1.21 |
|
|
ජලාශ |
24 |
0.63 |
|
|
වෙනත් බිම් (ගල් සහිත ප්‍රදේශ, හිස් බිම්, වැලි කඳු, වෙරළ යනාදි) |
49 |
1.28 |
|
|
එකතුව (මුළු බිම් ප්‍රමාණය) |
3813 |
100.00 |
|
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භුමි පරිභෝජනය දෙස බලන විට පෙනී යන වැදගත්ම කරුණ වන්නේ මුළු භුමියෙන් 96% කටත් වැඩි ප්‍රමාණයක් ඉදි කිරීම්, ගෙවතු සහ වී වගාව සදහා යොදා ගැනීමයි. මුළු භුමියෙන් 1.84%ක් පමණ වගුරු බිම්, මුඩු බිම්, ජලාශ වේ.
(අ) ඉදිකිරීම්වලට යට වූ ඉඩම් (ගොඩනැගිලි හා මාර්ග ඇතුළුව)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධික ජන සංඛ්‍යාව හා සීඝ්‍ර නාගරීකරණය නිසා නිවාස, මාර්ග හා ගොඩනැගිලි සඳහා හෙක්ටයාර් 1769 වැනි ප්‍රමාණයක් වැය වී ඇති අතර එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු බිම් ප්‍රමාණයෙන් 46.39% පමණ වේ.
(ආ) කෘෂිකාර්මික ඉඩම්
මේ යටතේ වැදගත්ම අංශය වන්නේ ගෙවතුය. ඊට හේතුව වී ඇත්තේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මහරගම නගරයෙන් හා මහා මාර්ගවලින් ඈත් වන්නට වීමත් සමග ග්‍රාමීය ලක්ෂණ පෙන්නුම් කරන නිසා එම ඉඩම් ගෙවතු ඝණයේ ලා සැලකීමයි. ඒ අනුව මුළු භූමි ප්‍රමාණයෙන් ගෙවතුවලට වර්ග හෙක්ටයාර් 1395ක් ඇතුළත් වන අතර එය මුළු භුමි ප්‍රමාණයෙන් 36.58%කි.
ගෙවතු හැරුණු විට කෘෂි ඉඩම් යටතේ පවතින ඊළග වැදගත්ම අංශය වන්නේ වී වගාව යටතේ පවතින ඉඩම්ය. හෙක්ටයාර් 510ක බිම් ප්‍රමාණයක් ඒ සදහා වැය වී ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 13.38%කි
පොල් සඳහා හෙක්ටයාර් 06ක් හා රබර් සඳහා හෙක්ටයාර් 14ක බිම් ප්‍රමාණයක්ද වැය වී ඇත. මේ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු බිමින් 50.46%ක් පමණ යටවී ඇත්තේ කෘෂිකාර්මික ඉඩම් සඳහා ය.
ඇ)වනාන්තර-කිසිවක් මෙම ප්‍රදේශයේ නැත.
ඈ)ලඳු කැලෑ-කිසිවක් මෙම ප්‍රදේශයේ නැත.
ඉ)තෘණ බිම්-කිසිවක් මෙම ප්‍රදේශයේ නැත.
ඊ) වගුරු බිම් -
හෙක්ටයාර් 46ක් වැනි බිම් ප්‍රමාණයක් වගුරු බිම් ලෙස ඇත. එය මුළු භූමි ප්‍රමාණයෙන් 1.21%කි..
උ) ජලාශ-
හෙක්ටයාර් 24ක ප්‍රදේශයක් මේ යටතට පත් වී ඇත. විශේෂයෙන් බොරලැස්ගමුව වැව මෙයට අයත් වේ.
7.5 මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීථි නාම ලේඛණය
කළල්ගොඩ 493
හෝකන්දර පාර,රණවකවත්ත,කළල්ගොඩ,මැණික්වත්ත,ග්‍රාමෝදය මාවත, මීමනගොඩ පාර,ඉසුරු මාවත, වීර මාවත, ධර්මායතන පාර,පැරකුම් මාවත
තලවතුගොඩ බටහිර 493 ඒ
පන්නිපිටිය පාර,මාදිවෙල පාර,වැලි පාර,ප්‍රීති පුර,එකමුතු මාවත, පාසල් මාවත, පන්සල පාර,ගොඩපරගහවත්ත පාර,බෝගහවත්ත පාර, බෝධිරාජ මාවත
තලවතුගොඩ නැගෙනහිර 493 බී
පන්නිපිටිය පාර, කළල්ගොඩ පාර,උතුවන්කන්ද පාර,ජෝතිකාරාම පාර,හෝකන්දර පාර, ශාන්තිපුර,සිරිපුර,සමගිපුර,ඩික්ලන්ඩ්වත්ත, රුහුණු පුර, වීරසේකර මාවත,දොලලන්දවත්ත, වේරගල පෙදෙස, අරලිය උයන
කොට්ටාව දකුණ 496
මාලඹේ පාර කොටසක් ,අතුරුගිරිය පාර කොටසක්,මෙත්තාරාම පාර,කුලසෙවණ පාර, රණසිංහ මාවත,රුක්මලේ පාර කොටසක්, හේනවත්ත පාර
කොට්ටාව නැගෙනහිර 496 ඒ
රුක්මලේ පාර,මාලඹේ පාර,ලියනගොඩ පාර,හොරහේන පාර,සිරිමල්වත්ත
කොට්ටාව නගරය 496 බී
හොරණ පාර, අතුරුගිරිය පාර,රුක්මලේ පාර, හයිලෙවල් පාර, බෝගහවිල පාර,සමන්පුර පාර,බොරැල්ල පාර,පන්සල පාර, මාකුඹුර පාර
කොට්ටාව උතුර 496 සී
හෝකන්දර පාර,හෝකන්දර පාර පළමු පටුමග, හෝකන්දර පාර දෙවන පටුමග, දෙල්ගහවත්ත පාර, දෙල්ගහවත්ත පාර දෙවන පටුමග, බැරෝඩාවත්ත, ජෝන් පෙරේරා වත්ත,හීන්පන්විල පාර,අතපත්තුවත්ත, ප්‍රගතිපුර, පෙරේරා මාවත, ජොරෝනිස් කනත්ත පාර, වීර ළදරු පාසල් මාවත
ලියනගොඩ 496 ඊ
රුක්මලේ පාර,ලියනගොඩ පාර,මිල්ලගහවත්ත පාර,හෝකන්දර පාර,මාළඹේ පාර
රුක්මලේ බටහිර 497
අතුරුගිරිය පාර කොටසක්,වෑකඩ පාර කොටසක්, විද්‍යාල පාර, නඩුදෙණිය පාර, හොරහේත පාර,නුගේමුල්ල, මාළඹේ පාර කොටසක්,බාලිකා නිවාස පාර
රුක්මලේ නැගෙනහිර ඒ - 497 ඒ
පන්සල පාර,නව නගරය, පාසල් පටුමග, තල්දියාවල පාර, වල්ගම පාර,අතුරුගිරිය පාර,
රුක්මලේ නැගෙනහිර බී - 497 බී
අතුරුගිරිය පාර,වෑකඩ පාර, විජයපුර,රුක්මල්ගම නිවාස යෝජනා ක්‍රමය ඇතුළත් පාරවල්
මාලපල්ල නැගෙනහිර 498
ආසිරි මාවත, නිලුපුල් උයන,ගලබඩවත්ත කොටසක්, මැන්ඩිස් විජේසිංහ මාවත, වෑකඩ පාර කොටසක්, පරාක්‍රම මාවත, පළමු පටුමග, දෙවන පටුමග, තෙවන පටුමග, හතරවන පටුමග, නුගගහලන්ද පෙදෙස
මාකුඹුර උතුර 498 ඒ
හයිලෙවල් පාර,රෝහල් පාර, ගලබඩවත්ත (මිහිඳු මාවත), මාකුඹුර පාර, සිරිලක් මාවත,, සමගි මාවත, පන්සල පාර, නිදහස් මාවත, ශාන්ති මාවත,මායා මාවත
මාලපල්ල බටහිර 498 බී
අතුරුගිරිය පාර කොටසක්,ගලවිල පාර,ශ්‍රී සුදර්ශනාරාම පාර, කොස්ගහවත්ත පාර, සමනල මාවත,දුම්රියපොළ පාර,සාරභූමි මාවත, කීනගහවත්ත, 1 පටුමග,2 පටුමග, රංජිත් රණසිංහ මාවත
මාකුඹුර දකුණ 498 සී
ඩී. ඩී. කුලතුංග මාවත,තොරන්වත්ත පාර, හයිලෙවල් පාර
මිරිහාන උතුර 523
රජමහාවිහාර මාවත කොටසක්, ගාමිණි මාවත, මහසෙන් මාවත, පැරකුම් මාවත, තලවතුගොඩ පාර කොටසක්,සුදර්මන් මාවත, සමගි මාවත, කුරුඳුවත්ත පාර, විජිතපුර, කුයින්ලන් මාවත, ජයන්ති මාවත, මිහිඳු මාවත, බුවනෙකබා මාවත,සේනාධිලංකාරගම, පිටවේල්ල පාර
මිරිහාන දකුණ 523 ඒ
ගල්වල පාර,ගල්වල පාර 1 වන පටුමග,ගල්වල පාර 2 පටුමග,එක්වත්ත පාර,ගාල්ලගේ මාවත, මිල්ලගහවත්ත පාර, බුවනෙකබා මාවත, කනත්ත පාර,කනත්ත පළමු පටුමග, කනත්තවත්ත, විරසේකර මාවත, මිරිහාන පාර,රජමහාවිහාර පාර, මුත්තෙට්ටුව පාර, මහවත්ත පාර,මහවත්ත පටුමග, රජ මාවත,ජුබිලි මාවත,නිවන්ති පුර 11 අදියර,නිවන්ති පුර 111 අදියර,පරණ කොට්ටාව පාර,කෝට්ටේ පාර
මාදිවෙල 524
මාදිවෙල පාර,සුභද්‍රා මාවත,ධර්මපාල මාවත, විජය පෙදෙස,තලවතුගොඩ පාර, ධර්මරත්න මාවත, ඔබහේන පාර,ග්‍රාමෝදය මාවත, සිගේරා පාර, ජය මාවත, මණ්ඩල පෙදෙස, තලපත්පිටිය පාර, දහම් මාවත, සුමුදු මාවත, සුහද මාවත, ගමගේ මාවත
ප්‍රගතිපුර 524 ඒ
රාහුල පුර ඉහළ,රාහුලපුර පහළ,වෙල්සිරිපුර,ප්‍රගතිපුර
ගංගොඩවිල දකුණ 526 බී
රබර්වත්ත පාර,රබර්වත්ත පාර පළමු පටුමග,රබර්වත්ත පාර දෙවන පටුමග, අඹගහවත්ත පාර,මීගහවත්ත පාර,පරණ කැස්බෑව පාර, වනාත පාර පළමු පටුමග, වනාත පාර දෙවන පටුමග, වනාත පාර(ඩී.එල්. පතිරගේ මාවත),වනාත පාර 3වන පටුමග,මානෙල් මාවත,වෙල පාර, අන්දිරිස් මාවත,මැද පාර, සෝරත මාවත,හයිලෙවල් පාර කොටසක් ,මහවත්ත පාර
විජේරාම
ශ්‍රී සෝරත මාවත,කපුවත්ත, ශ්‍රී සෝරත පෙදෙස, හයිලෙවල් පාර,පාසල් මාවත,ගල්හේන පාර
ජම්බුගස්මුල්ල 526 ඩී
පරණ කැස්බැව පාර,පැපිලියාන පාර, වලව්වත්ත පාර,උද්‍යාන පාර, ජම්බුගස්මුල්ල මාවත, ජම්බුගස්මුල්ල මාවත පළවන පටුමග, ජම්බුගස්මුල්ල මාවත දෙවන පටුමග, ජම්බුගස්මුල්ල මාවත තෙවන පටුමග, ජම්බුගස්මුල්ල මාවත හතරවන පටුමග, ජම්බුගස්මුල්ල මාවත පස්වන පටුමග, ජම්බුගස්මුල්ල මාවත හයවන පටුමග, ජම්බුගස්මුල්ල මාවත හත්වන පටුමග, ජම්බුගස්මුල්ල මාවත අටවන පටුමග, ජම්බුගස්මුල්ල මාවත නවවන පටුමග, වෑකන්ද පාර,තිසරගම (මද්දුමගේවත්ත නිවාස),කැකුලාවල පෙදෙස, සිරිල් ද සිල්වා මාවත,ෆ්ලවර් ලේන්,මංචනායක වත්ත,ඩයස් පෙදෙස,දොස්තරවත්ත
තලපත්පිටිය 525
කනත්ත පාර, කනත්ත පාර පළමු පටුමග, කනත්ත පාර දෙවන පටුමග, කනත්ත පාර තුන්වන පටුමග,සමූපකාර මාවත, මිහිඳු මාවත,කුරුන්ද මාවත,කොරනේරිස් මාවත, ග්‍රාම සංවර්ධන මාවත,අනුර මාවත,දෙල්ගහවත්ත පටුමග,චන්ද්‍රාලෝක මාවත,සිගේරා මාවත,දෙල්ගහවත්ත පාර, තලපත්පිටිය පාර,චන්ද්‍රවිමල මාවත, 05 වන පටුමග
උඩහමුල්ල නැගෙනහිර - 525 ඒ
මාදිවෙල පාර කොටසක්,බෝධිය පාර, මාදිවෙල පාර, ශාලාව පාර, ශාලාව පාර1 වන පටුමග,විජිතාරාම පාර,මහවත්ත පාර,තලපත්පිටිය පාර කොටසක්, පරණ කොට්ටාව පාර,ශාලාව පාර - සෙලින්කෝ නිවාස
උඩහමුල්ල බටහිර - 525 බී
පරණ කොට්ටාව පාර කොටසක්, උදේනිවත්ත පාර, කසගහවත්ත පාර,ඇඹුල්දෙනිය පටුමග,ජය පාර,දියකඩහේන පාර, කුඹුක්ගහ පොකුණ පාර,අමරතුංග මාවත,ගලේ ලිඳ පාර,වැටකෙයියාවල පාර,සමගි මාවත,තලපත්පිටිය පාර
නාවින්න 524
ශ්‍රී දේවානන්ද පාර,නාව්න්න දුම්රියපළ පාර, වට මාවත,විජේරාම පටුමග,රජමහාවිහාර පාර,රජමහාවිහාර පටුමග, වෙල්යාය පාර,සුචරිත මාවත,ජනතා පාර,බණ්ඩාරදෙනියපටුමග,නාවින්න පරණ පාර කොටසක්,කොළඹ පාර (හයිලෙවල් පාර කොටසක්)
පතිරගොඩ 527ඒ
කොළඹ පාර කොටසක්,පරණ පාර කොටසක්,නාගහවත්ත පාර,ජනතා මාවත, සමාජ පාර,මායා මාවත,පතිරගොඩ පාර,ජයගත් පාර,පරණ පාර,සමගි මාවත, නාලන්දාරාම පාර,විහාරවත්ත පාර, වෙල පාර
මහරගම නැගෙනහිර 527 බී
පමුණුව පාර,එක්සත් සුභසාධක මාවත,වනාත පාර,ජයන්ති පටුමග,ජයන්ති මාවත,බටදොඹ පාර
මහරගම බටහිර 527 සී
කොළඹ පාර,පරණ පාර,නාගහවත්ත පාර,දුම්රියපොළ පාර,පමුණුව පාර, පාසල් මාවත
දෙපානම 529 ඒ
බොරැල්ල පාර,කැන්දහේන වත්ත පාර කොටසක්, අරලිය උයන, සමගි මාවත (දික්හේන පාර),චීනගහකොටුන්න පාර(දෙව්රම් විහාර පාර),ග්‍රාම සංවර්ධන පාර කොටසක්, අන්නාසි කොටුව පාර,පන්සල පාර,දේවාල පාර,වීර මාවත, පොල්වත්ත පාර කොටසක්, වීර මාවත වටරවුම් පාර, වීර මාවත 3වන පටුමග, වීර මාවත 2වන පටුමග(මූනමල් පෙදෙස), දෙල්ගහවත්ත පාර, සුසානභූමි මාවත
මහරගම නගරය 530
හයිලෙවල් පාර-වම,හයිලෙවල් පාර - දකුණ, පරණ පාර,පුස්තකාල මාවත,මහාමේඝවත්ත පාර,මහා මේඝ පෙදෙස,දෙහිවල පාර, වරාකැටිය පාර,ගම්මාන පාර,ගම්මාන පටුමග,ඇරැව්වල පාර,දුම්රියපළ පාර,පන්සල පාර,මහරගම හරස් පාර,පමුණුව පාර, ආනන්ද මෛත්‍රී මාවත, ආනන්ද මෛත්‍රී මාවත 1 වන පටුමග,ආනන්ද මෛත්‍රී මාවත 2 වන පටුමග
පන්නිපිටිය උතුර -531
පරණ පාර,බොරැල්ල පාර,දුම්රියපොළ පාර,මහවත්ත පාර,කනත්ත පාර,කැන්දහේනවත්ත,එක්සත් මාවත,කනත්ත පාර, ප්‍රගති මාවත,දුම්රිය හරස් පටුමග
පමුණුව 528
පතිරගොඩ,පමුණුව පාර,පොල්වත්ත පාර,දේවාල පාර,දේවාල පාර එක්සත් මාවත කොටසක්,දේවාල පාර ,විහාර මාවත,නව රෝහල පාර,සුචරිතෝදය පාර
දඹහේන 528 ඒ
දඹහේන පාර,සමන් උයන,ග්‍රැන්බර්ග් පෙදෙස, දිමිටියාගහවත්ත,පන්සල පාර,පන්සල පටුමග,පමුණුව පාර,දුම්රිය මාවත
පොල්වත්ත 529
පොල්වත්ත පාර,පොල්වත්ත පමුණුව පාර-වම-දකුණ,ග්‍රාම සංවර්ධන පාර, දූවවත්ත පාර 01, දූවවත්ත පාර 02, ග්‍රාම සංවර්ධන පාර 1වන පටුමග, ග්‍රාම සංවර්ධන පාර 2වන පටුමග, අරලිය උයන 6 වන පටුමග අරලිය උයන 6 ඒ පටුමග, අරලිය උයන 6 බී පටුමග, අරලිය උයන 7 පටුමග, අරලිය උයන 8 පටුමග,අරලිය උයන 9 පටුමග, අරලිය උයන 9 ඒ පටුමග,අරලිය උයන 9 බී පටුමග, අරලිය උයන 10 පටුමග, අරලිය උයන 12 පටුමග, අරලිය උයන වටරවුම් පාර, දඹහේන පාර, බෝමළුව වත්ත පාර, බෝධිරාජ මාවත
පන්නිපිටිය දකුණ 531 ඒ
අළුත් පාර, පරණ පාර,සෙත්සිරි පෙදෙස,කඩවල පාර,ඇරැව්වල පාර
ගොඩිගමුව උතුර 532
ශ්‍රී වජිරාරාම පාර, පිළියන්දල පාර, නල්ලවත්ත පාර, රෝහල් පාර,දහම් මාවත,වැව පාර කොටසක්,කටුවාවල පාර,නුගගහවත්ත පාර,අඹගහපුර පළමු පටුමග, අඹගහපුර දෙවන පටුමග, අඹගහපුර තුන්වන පටුමග, අඹගහපුර හතරවන පටුමග, අඹගහපුර පාර පස්වන පටුමග, අඹගහපුර පාර 1වන මාවත, අඹගහපුර පාර 2 වන මාවත
ගොඩිගමුව දකුණ ඒ 532 ඒ
මංගල මාවත,ශිරෝමනී මාවත,පිළියන්දල පාර කොටසක්,යහම්පත් මාවත,ජය මාවත,නන්දන උයන,නීලම්මහර පාර,සාදු මාවත,මීගහවත්ත පටුමග
ගොඩිගමුව දකුණ බී 532 බී
පිළියන්දල පාර කොටසක්, පිළියන්දල පාර 1 පටුමග,පිළියන්දල පාර 2 පටුමග,පිළියන්දල පාර 3 පටුමග,නල්ලවත්ත පාර කොටසක්,නල්ලවත්ත පාර(මහවත්ත පටුමග), නල්ලවත්ත පාර(මහවත්ත පටුමග 2 පටුමග), නල්ලවත්ත පාර(මහවත්ත පටුමග 3 පටුමග),දහම් මාවත,පිළිකා රෝහල් නිල නිවාස පාර, කටුවාවල පාර,නීලම්මහර පාර කොටසක්,වීදිය බණ්ඩාර මාවත,සද්ධර්මාරාම විහාර පාර, කොහිල කොටුව පාර, තාප්පවත්ත පාර, හේනේ ගෙදර පාර,හේනේ ගෙදර පාර 1 පටුමග,හේනේ ගෙදර පාර 2 පටුමග, දහම් මාවත, දහම් මාවත 1 පටුමග,දහම් මාවත 2 පටුමග,දහම් මාවත 3 පටුමග
වත්තේ ගෙදර 532 සී
වැව පාර කොටසක්,වත්තේ ගෙදර පාර,ඉසිපතන පාර,පුරාණ පාර,ඇල්හේන පාර,සුරම්‍ය මාවත,හයිලෙවල් පාර,දෙහිවල පාර කොටසක්, බටදොඹගහවත්ත පටුමග,පැරකුම් මාවත,විද්‍යාකර මාවත, කොළඹ පාර,ජනතා පාර,ග්‍රාමෝදය මාවත,කුමුදු මාවත,වැව පාර(වත්තේ ගෙදර), සමගිපුර මාවත,විජය මාවත,ගැමුණු මාවත,මිහිඳු මාවත 1 වන පටුමග, වත්තේගෙදර පාර 1 පටුමග

















