
ඩෙංගු මර්දන සතියට සමගාමීව ඩෙංගු රෝග ව්යාප්තිය පාලනය කිරීම සහ ජනතාව අතර සෞඛ්ය ආරක්ෂණ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (16) කොට්ටාව ප්‍රදේශයේදි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්ය සුනිල් කුමාර ගම්ලත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්,මහරගම ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය ඇතුලු පිරිස සහ මහරගම නගර සභාව, කොට්ටාව පොලිසිය සහ ආරක්ෂක හමුදා කණ්ඩායම්, මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය, නිවාස සංවර්ධන අධිකාරිය, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කොට්ටාව ධර්මපාල විද්යාලය, කොට්ටාව ආනන්ද විද්යාලය සහ කොට්ටාව වෙළෙඳ සංගමය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිළධාරින් එක්ව සිටියහ

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමිව පවත්වනු ලැබන ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය 2025-2027 යටතේ "දැය නංවන සපරි ගමක්"වැඩසටහන 2026 / 03 /16 වන දින මහරගම ප්‍රාදේසීය ලේකම් කොට්ටාසයෙ ගොඩිගමුව දකුණ A ග්‍රාම නිලධාරි වසමෙහි මීගහවත්ත ග්‍රාමය තුළදී අද දින පවත්වන ලදි
එම වැඩසටහන සඳහා ගරු මහජන ආරක්ෂණ කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මැතිතුමා,මහරගම ප්‍රාදේශිය සම්බන්ධිකරන කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමා මහරගම නගර සභාවෙ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරුන්, මහරගම ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය, ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ මාණ්ලික නිලධාරින් ඇතුළු කාර්යමණ්ඩලය ,මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ ඵලදායිතා නිලධාරින් වන තුෂාරි දිසානායක මහත්මිය සහ චන්දික ආරියවංශ මහත්මා ,ගොඩිගමුව දකුණ A ග්‍රාම නිලධාරි සුජානි කරුණාරත්න මහත්මිය ඇතුළු ප්‍රදේශවාසින් ඊට සහභාගි විය






මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කල "අමෘෂා ප්‍රණාම "ප්‍රාදේශීය සාහිත්යය කලා මහෝත්සවය 2025 .10.15 දින පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරස්ථාන ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි.
සංස්කෘතික කටයුතු අධ්යක්ෂ කේ,එස්,දිල්හානි මැතිණිය ,අතිරේක දිස්ත්රික් ලේකම් තුමියන් දෙපල ඇතුලු සම්භාවනීය ආරාධිතයන් රාශියකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.


මහරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඔක්තෝම්බර් මාසය සදහා වු සම්බන්ධීකරණ කමිටු රැස්විම. මහරගම ප්‍රාදේශිය සම්බන්ධිකරන කමිටු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්රි දේවානන්ද සුරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 . 10 .31 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි .එයට ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය, ,සුනිල් වටගල මන්ත්‍රී තුමා ,මහගරම නගර සභා නගරාධිපතිතුමා,ඇතුළු රාජ්ය නිලධාරින් සහ ප්‍රදේශවාසින් කිහිප දෙනෙක් සහභාගි වුහ.


ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්විම 2025 -08-22 දින සම්බන්ධිකරන කමිටු සභාපති දේවානන්ද සුරවිර මැතිතුමාගෙ සහභාගිත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විණ ඊට ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය ,මහරගම නගරධිපති තුමා ඇතුළු රාජ්‍ය නිලධාරින්ද සහභාගි විය.

















