අංශයේ කාර්ය භාරය
01. සහතික පිටපත් නිකුත් කිරීම (පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා පමණි)
- 2022.12.31 දිනට පෙර දිවයින තුළ ලියාපදිංචි කරන ලද පරිලෝකනය කර ඇති උප්පැන්න /විවාහ /මරණ සහතික පිටපත් නිකුත් කිරීම.
- 2019.05.31 දින සිට මේ දක්වා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් රෙජිස්ට්‍රාර්වරුන් විසින් ලියාපදිංචි කරන ලද උපත් /විවාහ /මරණ සහතික පිටපත් නිකුත් කිරීම.
- 1960 සිට 2022 දක්වා මධ්‍යම දත්ත පද්ධතිය මගින් පරිලෝකනය කර ඇති උප්පැන්න සහතික පිටපත් නිකුත් කිරීම.
02. ප්‍රකාශපත්‍ර මත කටයුතු කිරීම (පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා පමණි)
- කල්ගතවූ උපත් ලියාපදිංචි (24 වන වගන්තිය)
- කල්ගතවූ මරණ ලියාපදිංචි (36 වන වගන්තිය)
- නම සංශෝධනය කිරීම (27 වන වගන්තිය)
- 7 ට අඩු
- 7-21 අතර
- 21 ට වැඩි
- පියාගේ තොරතුරු සංශෝධනය 27(1) වගන්තිය (4,7,9)
- මවගේ තොරතුරු උප්පැන්න සහතිකයෙහි /උපන්දිනය /ස්ත්‍රී පුරුෂභාවය සහ මරණ සහතික සංශෝධනය 52 (1) වගන්තිය
මහරගම ප්‍රාදේශීය කාර්යාලයට අයත් උප්පැන්න /මරණ රෙජිස්ට්‍රාර් කොට්ඨාශ
- ශ්‍රී ජයවර්ධනපුර දකුණ කොට්ඨාශය (ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල)
- මහරගම උතුර කොට්ඨාශයක්(අපේක්ෂා රෝහල -මහරගම)
- මහරගම දකුණ
ප්‍රකාශන පත්‍ර භාර දිම සදහා පොදු උපදෙස්
- උප්පැන්න,විවාහ හා මරණ සහතික පිටපත් යනු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද සහතික පමණක් වේ.
- සෑම ප්‍රකාශපත්‍රයක් සමගම 9×4 ප්‍රමාණයේ ලිපිනයේ ලියූ මුද්දර කවරයක් භාර දිය යුතුය.
- සංශෝධනයෙන් පසු පිටපත් ලබා ගැනීම සඳහා ද අයදුම්පත් භාර දිය යුතුය.(සංශෝධනයෙන් පසු තැපැල් මගින් පිටපත් යොමු කරනු ලැබේ.)
- ප්‍රකාශපත්‍ර භාර දීම සදහා පස්වරු 2.00ට පෙර පැමිණිය යුතුය.
- ප්‍රකාශ පත්‍ර භාර ගැනීමේදී නිකුත් කරනු ලබන රිසිට්පත ආරක්ෂාකාරිව තබා ගත යුතු අතර, ප්‍රකාශපත්‍ර පිලිබදව විමසිමේදී ගොනු අංකය ලබා දිය යුතු වේ.
- දිව්රුම් ප්‍රකාශ රු .50/- ක මුද්දරයක් මත අත්සන් තබා සාමදාන විනිශ්චයකාරවරයකු හෝ නීනිඥ /නොතාරිස්වරයකු විසින් සහතික කල යුතුය.
03. උප්පැන්න සහතිකයේ පවතින නම සංශෝධනය කිරීම.
ඒ සඳහා 27 වන වගන්ති B 9 දරණ ප්‍රකාශ පත්‍රය සම්පූර්ණ කර පහත සඳහන් ලියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
- වයස අවුරුදු 07 ට වඩා අඩු වූ විට
- උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
- දෙමාපිය විවාහ සහතිකයේ සහතික පිටපතක්
- දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන් පොත සහ ඡායා පිටපතක්
- දරුවාගේ නම වෙනස් කිරීම පිළිබඳ ඉල්ලුම්කරුගේ දිව්රුම් ප්‍රකාශය
- ප්‍රකාශකරු මව නම් පියාගේ කැමැත්ත ප්‍රකාශ කරනු ලබන ලිපියක්
- ප්‍රකාශකරු පියා නම් මවගේ කැමැත්ත ප්‍රකාශ කරනු ලබන ලිපියක්
(ප්‍රකාශ පත්‍රය මව හෝ පියා විසින් ඉදිරිපත් කළ යුතු අතර, දෙමාපියන් නොමැති වූ විට බලය ඇති උසාවියකින් පත් කරනු ලැබූ ආරක්ෂකයකු, වයස සම්පූර්ණ වී සිටින සහෝදරයෙක් හෝ සහෝදරියක්, සීයා කෙනෙක් හෝ ආච්චී කෙනෙක්, මව්පියන්ගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් විසින් ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුතුය.)
ප්‍රකාශ පත්‍ර ගාස්තු වශයෙන් රු. 50/- මුදලින් ගෙවා A 86 දරණ කුවිතාන්සියක් ලබා ගත යුතුය.
- වයස අවුරුදු 07 ට වඩා වැඩි අවුරුදු 21 ට වඩා අඩු වූ විට
- උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
- දෙමාපිය විවාහ සහතිකයේ සහතික පිටපතක්
- පාසල් ඇතුළත්වීම් ලේඛනයේ සඳහන් තොරතුරු ඇතුළත් ලිපියක්. (කාර්යාලයෙන් සපයනවා ඇත.)
- වෙනස් කිරීමට බලාපොරොත්තු වන නම සඳහන් අවුරුදු 01 කට වඩා වැඩි කාලයක් ගතවූ ලේඛන 03 ක් සහ ඡායා පිටපත්
- නම වෙනස් කිරීම සම්බන්ධව ඉල්ලුම්කරුගේ දිවුරුම් ප්‍රකාශය
- නම වෙනස් කිරීම සම්බන්ධව ග්‍රාම නිලධාරීගේ නිර්දේශ ලිපියක්
- ප්‍රකාශකරු මව නම් පියාගේ කැමැත්ත ප්‍රකාශ කරනු ලබන ලිපියක්
- ප්‍රකාශකරු පියා නම් මවගේ කැමැත්ත ප්‍රකාශ කරනු ලබන ලිපියක්
( ප්‍රකාශ පත්‍රය මව හෝ පියා විසින් ඉදිරිපත් කළ යුතු අතර දෙමාපියන් නොමැති වූ විට බලය ඇති උසාවියකින් පත් කරනු ලැබූ ආරක්ෂකයකු, වයස සම්පූර්ණ වී සිටින සහෝදරයෙක් හෝ සහෝදරියක්, සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක්, මව්පියන්ගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් විසින් ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුතුය.)
ප්‍රකාශ පත්‍ර ගාස්තු වශයෙන් රු. 50/- මුදලින් ගෙවා A 86 දරණ කුවිතාන්සියක් ලබා ගත යුතුය.
- වයස අවුරුදු 21 ට වඩා වැඩි වූ විට
- උප්පැන්න හතිකයේ සහතික පිටපතක්
- පුවත්පත් දැන්වීමක්
- නම වෙනස් කිරීම සම්බන්ධව ග්‍රාම නිලධාරීගේ නිර්දේශ ලිපියක්
- නම වෙනස් කිරීම පිළිබඳ ඉල්ලුම්කරුගේ දිවුරුම් ප්‍රකාශය
- වෙනස් කිරීමට බලාපොරොත්තු වන නම සඳහන් අවුරුදු 01 කට වඩා වැඩි කාලයක් ගතවූ ලේඛන සහ ඡායා පිටපත්
(ප්‍රකාශ පත්‍රය තමන් විසින්ම ඉදිරිපත් කළ යුතුය.)
ප්‍රකාශ පත්‍ර ගාස්තු වශයෙන් රු. 50/- මුදලින් ගෙවා A 86 දරණ කුවිතාන්සියක් ලබා ගත යුතුය.
05. උප්පැන්න සහතිකවල සංශෝධනයන් සිදු කිරීම
- 27 (අ) වගන්තිය යටතේ උප්පැන්න සහතිකයෙහි 4, 6, 7, 8 තීරයන් සහ 9 තීරයෙහි දැනුම්දෙන්නා පියා නම් පියාගේ තොරතුරු ද සංශෝධනය කළ හැකිය. ඒ සඳහා ‘‘ ආ 37 අ ‘‘ ප්‍රකාශ පත්‍රය සම්පූර්ණ කර පහත සඳහන් ලියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
- උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
- පියාගේ උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
- දෙමාපිය විවාහ සහතිකයේ සහතික පිටපතක්
- පියාගේ උප්පැන්න / විවාහ සහතිකයන්හි නමෙහි වෙනස්කම් පවතී නම් දිවුරුම් ප්‍රකාශයක්
- 52 (1) ප්‍රකාශ පත්‍රය මඟින් උප්පැන්න සහතිකයෙහි 1, 3, 5 තීරයන් සහ 9 තීරයෙහි දැනුම්දෙන්නා මව නම් මවගේ තොරතුරු ද සංශෝධනය කළ හැකිය. ඒ සඳහා 52 (1) වගන්ති B 61 දරණ ප්‍රකාශ පත්‍රය සම්පූර්ණ කර පහත සඳහන් ලියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
- උප්පැන්න සහකිතයේ සහතික පිටපතක්
- මවගේ උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
- දෙමාපිය විවාහ සහතිකයේ සහතික පිටපතක්
- මවගේ උප්පැන්න / විවාහ සහතිකයන්හි නමෙහි වෙනස්කම් පවතී නම් දිවුරුම් ප්‍රකාශයක්
ප්‍රකාශ පත්‍ර ගාස්තු වශයෙන් රු. 50/- මුදලින් ගෙවා A 86 දරණ කුවිතාන්සියක් ලබා ගත යුතුය.
06. මරණ සහතිකවල සංශෝධනයන් සිදු කිරීම
ඒ සඳහා 52 (1) වගන්ති B 61 දරණ ප්‍රකාශ පතුය සම්පූර්ණ කර පහත සඳහන් ලියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
- මරණ සහතිකයේ සහතික පිටපතක්
- සංශෝධනය සිදුකරනු ලබන තීරයෙහි සඳහන් කරුණු සනාථ කළ හැකි ලේඛන (උදා:- මරණකරුගේ උප්පැන්න සහතිකය, මරණකරුගේ විවාහ සහතිකය - සහතික පිටපත් ඉදිරිපත් කළ යුතුය)
- ග්‍රාම නිලධාරී මහතාගේ නිර්දේශ ලිපියක්
- දිවුරුම් ප්‍රකාශයක්
- ප්‍රකාශකරුගේ හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්
ප්‍රකාශ පත්‍ර ගාස්තු වශයෙන් රු. 50/- මුදලින් ගෙවා A 86 දරණ කුවිතාන්සියක් ලබා ගත යුතුය.
07. ලියාපදිංචි නොවූ උපතක් ලියාපදිංචි කිරීම
ඒ සඳහා 24 වන වගන්ති B 6දරණ ප්‍රකාශ පත්‍රය සහ දිවුරුම් ප්‍රකාශය සම්පූර්ණ කර පහත සඳහන් ලියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
- රෝහල් උපත් විස්තර පත්‍රිකාව
- දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන් පොත සහ දරුවාගේ තොරතුරු සඳහන් කොටසෙහි ඡායා පිටපතක්
- පියාගේ උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
- මවගේ උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
- දෙමාපිය විවාහ සහතිකයේ සහකිත පිටපතක්
- පවුලේ සෙසු දරුවන් පිළිබඳ විස්තර ඇතුළත් දරු ලැයිස්තුව සහ එම දරුවන්ගේ උප්පැන්න සහතිකයන්හි ඡායා පිටපත්
- උපත සිදුවී වසරක් ගතවී ඇත්නම් උප්පැන්නය ලියාපදිංචි නොවූ බව සඳහන් හිස් ප්‍රතිඵල සටහන
(දිවුරුම් ප්‍රකාශය රු. 50/- ක් වටිනා මුද්දරයක් මත අත්සන් තැබිය යුතු අතර ප්‍රකාශ පත්‍ර ගාස්තු වශයෙන් රු. 50/- ක් මුදලින් ගෙවා A 86 දරණ කුවිතාන්සියක් ලබා ගත යුතුය. හිස් ප්‍රතිඵල සටහන ලබාගත යුතු අවස්ථාවක B 63 ඉල්ලුම්පත්‍රය සමඟ රු. 200/- ක් මුදලින් ගෙවා A 86 දරණ කුවිතාන්සියක් ලබා ගත යුතුය.)
විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු
කාර්යාලයේ දී,
- විවාහ දැන්වීම භාර දී දින 12කට පසුව විවාහය ලියාපදිංචි කිරීම -රු 950/-
- විවාහ දැන්වීම භාර දී දින 12කට පෙර විවාහය ලියාපදිංචි කිරීම (විශේෂ බලපත්‍රයක් මත )-රු 1150/-
කාර්යාලයෙන් බැහැරව වෙනත් ස්ථානයකදී විවාහය ලියාපදිංචි කිරීමේ දී
- විවාහ දැන්වීම භාර දී දින 12කට පසුව විවාහය ලියාපදිංචි කිරීම -රු 1000/-
- විවාහ දැන්වීම භාර දී දින 12කට පෙර විවාහය ලියාපදිංචි කිරීම (විශේෂ බලපත්‍රයක් මත )-රු 1200/-
විවාහ දැන්වීමක් භාර දෙන විට රැගෙන යායුතු දෑ
- මනාලයාගේ උප්පැන්න සහතිකය සහ ජායා පිටපතක්
- මනාලියගේ උප්පැන්න සහතිකය සහ ජායා පිටපතක්
- මනාලයාගේ ජාතික හැදුනුම්පතේ ජයා පිටපතක්
- මනාලියගේ ජාතික හැදුනුම්පතේ ජයා පිටපතක්
(විවාහ දැන්වීම් භාර දීමේදී සාක්ෂි අත්සන් කිරීම සදහා ජාතික හැදුනුම්පත් සහිත පුද්ගලයන් දෙදෙනකු ද ඉදිරිපත් විය යුතු වේ )
ඔබට වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකිය
























