
මිරිහාන දකුණ ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී කාන්තාවන් සදහා මැහුම්/ ගෙතුම් ඉවුම් පිහුම් අත්කම් එම්බ්‍රොයිඩර් පැච්වර්ක් පුහුණු පාඨමාලාවක් සම්බන්ධ ආරම්භක දැනුවත් කිරීම මිරිහාන ගාල්ලගේ මාවතෙ ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ දී 2021-11-12 දින පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් ග්‍රාම සංවර්ධන නිලධාරී කීර්ති මහතා හා පුහුණු උපදේශිකා කෞෂල්‍යා මෙනෙවියගේ සහයෝගයෙන් සිදු කරන ලදී .
තවත් කියවන්න: මැහුම්/ ගෙතුම් ඉවුම් පිහුම් අත්කම් එම්බ්‍රොයිඩර් පැච්වර්ක් පුහුණු පාඨමාලාව

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සංවිධානය හා මෙහෙයවීම යටතේ සිරස් අවකාශ ගෙවතු ප්‍රවර්ධන වැඩසටහන 2021.11.06 වන දින කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හා දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක සමිත මධුසංඛ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පැවැත්විනි. එහිදී මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රතිලාභීන් 31කු සදහා ගෙවතු භාණ්ඩ ලබා දුනි.






තිරසාර සංවර්ධන ගෙවතු වගා වැඩසටහන යටතේ මහරගම කොට්ටාශයේ ප්‍රතිලභීන් සදහා බීජ පැකට් බෙදා දීම මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජිත උපාලි කොඩිකාර මැතිතුමා , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්තුමා, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ ප්‍රධානත්වයෙන් මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවිධානත්වයෙන් 2021.11.01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත තත්වකව සංකල්පය පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී සඳමාලි වීරක්කොඩි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2021-11-03 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: තත්වකව සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන

කොට්ටාව දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය රු.42,000/-ක මූල්‍ය අනුග්‍රහයෙන් වසමේ ගැබිණි මවුවරුන් 14 දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන 2021-10-31 දින සවස 3ට කොට්ටාව දකුණ ධම්මකිත්තිකාරාමයේදී පැවැත්විනි.කොළඹ දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී සහ සමිති සාමාජිකත්ව ද මෙම අවස්ථාවට සහභාගී වුහ.























