725592963 1323746859939467 5436958316149099236 n

 

 

ඩෙංගු මර්දන සතියට සමගාමීව ඩෙංගු රෝග ව්යාප්තිය පාලනය කිරීම සහ ජනතාව අතර සෞඛ්ය ආරක්ෂණ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (16) කොට්ටාව ප්‍රදේශයේදි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ක්‍ර‍ීඩා හා තරුණ කටයුතු අමාත්ය සුනිල් කුමාර ගම්ලත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්,මහරගම ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය ඇතුලු පිරිස සහ මහරගම නගර සභාව, කොට්ටාව පොලිසිය සහ ආරක්ෂක හමුදා කණ්ඩායම්, මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය, නිවාස සංවර්ධන අධිකාරිය, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කොට්ටාව ධර්මපාල විද්යාලය, කොට්ටාව ආනන්ද විද්යාලය සහ කොට්ටාව වෙළෙඳ සංගමය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිළධාරින් එක්ව සිටියහ

 

 

724666206 1323752263272260 541358570697124324 n      724824762 1323752189938934 3265137274200210142 n     724577571 1323747119939441 5083480741553764381 n   

725076375 1323746936606126 1401019552814268402 n    725584611 1323746536606166 8421592709176504340 n  

 

News & Events

Scroll To Top