
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමිව පවත්වනු ලැබන ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය 2025-2027 යටතේ "දැය නංවන සපරි ගමක්"වැඩසටහන 2026 / 03 /16 වන දින මහරගම ප්‍රාදේසීය ලේකම් කොට්ටාසයෙ ගොඩිගමුව දකුණ A ග්‍රාම නිලධාරි වසමෙහි මීගහවත්ත ග්‍රාමය තුළදී අද දින පවත්වන ලදි
එම වැඩසටහන සඳහා ගරු මහජන ආරක්ෂණ කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැතිතුමා,මහරගම ප්‍රාදේශිය සම්බන්ධිකරන කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමා මහරගම නගර සභාවෙ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරුන්, මහරගම ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය, ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ මාණ්ලික නිලධාරින් ඇතුළු කාර්යමණ්ඩලය ,මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ ඵලදායිතා නිලධාරින් වන තුෂාරි දිසානායක මහත්මිය සහ චන්දික ආරියවංශ මහත්මා ,ගොඩිගමුව දකුණ A ග්‍රාම නිලධාරි සුජානි කරුණාරත්න මහත්මිය ඇතුළු ප්‍රදේශවාසින් ඊට සහභාගි විය





















