අපගේ දැක්ම
"තිරසාර සංවර්ධනයෙන් හා යහපාලනයෙන් පෙරමුණට"අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"*ප්‍රාදේශීය පාලනයේ ජනතා අරමුණු ඉටුවන යහපත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම
*රාජ්‍ය අරමුදල් නිසි ලෙස කළමණාකරනය කරමින් ප්‍රාදේශීය යටිතල පහසුකම් නංවාලීම
*සමාජ සුභසාධන හා සංස්කෘතික වැඩසටහන් හරහා සමාජ සංරක්‍ෂණයන් ගොඩනැගීම
අගයන්
*මානව හිතවාදීවීම
*ධනාත්මක චින්තනය
*ප්‍රශස්ත කාල කළමනාකරණය
*ගුණාත්මක හා කාර්යක්ෂම සේවා සැපයීම
*සුහදශීලී මහජන සේවාව
*සහභාගීත්ව කළමනාකරණය
*අවස්ථානුකූල නායකත්ව ගුණාංග
*සාධාරණත්වය
*කණ්ඩායම් හැගීම
*ප්‍රතිපෝෂණය
ආයතනයේ විකාශනය
මහරගම උප දිසාපති කාර්යාලය ආරම්භ කරන ලද්දේ හෝමාගම හා නුගේගොඩ යන උප දිසාපති කොට්ඨාස නැවත බෙදා වෙන් කිරීමෙනි. මෙම කාර්යාලය ප්‍රථමයෙන් පිහිට වූයේ දෙහිවල පාරේ තිබූ පෞද්ගලික ගොඩනැගිල්ලකය. මහරගම උප දිසාපති කාර්යාලය විවෘත කරන ලද්දේ 1988 මාර්තු මස 29දින දීය. එවකට මෙහි ආරම්භක කාර්ය මණ්ඩලය ලෙස ප්‍රධාන ලිපිකරු ඇතුලුව ලිපිකරුවන් සතර දෙනෙකු විය. මෙම කාර්යාලයේ ප්‍රථම උප දිසාපතිවරයා වූයේ ඒ. එච්. ගමගේ මහතාය.
- ආරම්භයේ සිටම මෙම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 41කින් සමන්විත විය.
- පසුව මෙම කාර්යාලය මහරගම මහමේඝ පෙදෙසේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ගොඩනැගිල්ලක් සාදා 1992 ඔක්තෝබර් මස 10 වන දින එම ස්ථානයට ගෙන එන ලදි.
- ඉන් අනතුරුව මෙය 2010 මාර්තු මස 26වන දින එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කරන ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිපාල සංකීර්ණය වෙත මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගෙන යන ලදි.
- කාලීන වෙනස්කම් වලට භාජනය වෙමින් ප්‍රාද්ශීය ලේකම් කාර්යාලයේ දැක්ම වූ ජනතාවට විශිෂෟඨ රාජ්‍ය සේවයක් යන තේමාව ඔස්සේ විකාශය වෙමින් පවතී.
අද දක්වා සේවය කල ප්‍රදේශිය ලේකම්වරුන්
|
නම |
සිට |
දක්වා |
|
ඒ. එච්.ගමගේ මයා |
1992.10.10 |
1993.02.12 |
|
බී. ජී. කරුණාරත්න මයා |
1993.02.15 |
1993.02.17 |
|
එස්. දනන්සූරිය මයා |
1993.02.17 |
1993.02.18 |
|
ජේ. ඩී. ලියනගේ මයා |
1993.02.19 |
1994.09.22 |
|
වික්ටර් සමරවීර මයා |
1994.09.23 |
1999.06.10 |
|
පී. නානයක්කාර මයා |
1999.06.11 |
1999.06.30 |
|
දයා පීරිස් මිය |
1999.07.01 |
2002.09.03 |
|
අයි. ආර්. සෝමසිරි මයා |
2002.09.04 |
2007.02.01 |
|
චන්ද්‍රරත්න පල්ලේගම මයා |
2007.02.02 |
2009.08.07 |
|
ඒ. ජේ. එස්. එස්. එදිරිසූරිය මයා |
2009.08.08 |
2009.12.07 |
|
චන්ද්‍රරත්න පල්ලේගම මයා |
2009.12.08 |
2010.10.31 |
|
බුද්ධි තරංගා කරුණාරත්න මිය |
2010.11.01 |
2018.06.06 |
|
එම්.එම්.කේ දිල්රුක්ෂි වල්පොල මිය. |
2018.06.07 |
2025.03.14 |
| රංජිකා හිමාලි කරුණාරත්න මිය | 2025.03.17 | 2026.06.22 |
| කසුන් ඈපා සෙනෙවිරත්න මයා | 2026.06.22 | 2026.08.30 |
| තුෂාරි අනුරාධා නානායක්කාර මිය | 2026.08.31 | - |
මහරගම ප්‍රදේශීය ලේකම් කාර්යාලීය තේමා ගීතය
ඇප කැපවී නිති මහජන සේවෙට
පොදුජන දිවියට රුකුලක්වී
උපතෙත් විපතෙත් ඉටු මිතුරෙකු සේ
සිටිමු සදා සැදී පැහැදී
රජයත් ජනතාවත් යා කරනා
පාලම් වේ මහ සවි බලැති
මහ ලේකම් කාර්යාලය සුපතල
මහරගම පුර පියසේහී
සමාජීය සංස්කෘති අධ්‍යාපන
සුභ සාධන හා යහ පරිපාලන
සැම සේවාවන් ජන සෙත සාදන
ඉටු කරලමු ඒ අපගේ යුතුකම
දෑ ආගම් නෙක භේද කිසිත් නෑ
සම සේවය සලසන්නෙ සදා
මහ බලයක් වෙමු රටදැය නැගුමට
දූෂණයෙන් දුරු වී සැමදා
පබැඳුම : රංජිත් වීරසිංහ
සංගීතය : රෝහණ වීරසීංහ
ගායනය : මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය
















