මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ ගම සමඟ පිලිසදර වැඩසටහනට අදාල සම්බන්ධීකරණ රැස්වීමක් අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-10-27 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සදහා සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ කාන්ති කොඩිකාර මැතිණිය ද, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද සහභාගී වන ලදී.

මහරගම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කළ ලේබල් සහ ලෝගෝ නිර්මාණය කිරීමේ වැඩසටහන 2021 ඔක්තෝම්බර් 26 වන දින මාර්ගගත ක්‍රමය ඔස්සේ සාර්ථක ලෙස පවත්වන ලදී. කුළුබඩු, රසකැවිලි ,බෝතල් කළ ආහාර ඇතුළු ආහාර නිෂ්පාදන සහ ඇඟලුම් නිෂ්පාදනයේ නියුතු ව්‍යවසායකයින් 14 දෙනකු සඳහා මෙම වැඩසටහන මගින් ලෝගෝ නිර්මාණය කර දෙන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික නිලධාරී මේනකා විජේසිංහ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් හා සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහාය ඇතිව මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල සිටින ප්‍රවීණ කලාකරුවන් හමුවී ගෞරවය පුද කිරීම 2021-10-25 දින සිදු කරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත ග්‍රාම නිලධාරින් සදහා ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණය සඳහා ඵලදායිතා ක්‍රමවේද භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී සඳමාලි වීරක්කොඩි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2021-10-27 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ අදහසකට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන්ගේ මාසික කොට්ඨාස දින රැස්වීම බොරලැස්ගමුව වැව අසල පැවැත්වීම සනිටුහන් කරමින් පැළ සිටුවීමක් 2021-10-22 දින සිදු කරන ලදී.

News & Events

Scroll To Top