
"Voice of Colombo" රියැලිටි වැඩසටහනේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් මූලික හඬ පරීක්ෂණය සඳහා සහභාගි වූ නිලධාරීන්ට සහතික පත් ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-11-17 දින සිදු කරන ලදී. මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය , සහකාර ප්‍රාදේශීය ලේකම් එස්. කේ. ජයසුන්දර මැතිනිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.






















