
"යාත්‍රා" මත්ද්‍රව්‍ය උපදේශන සායනය මහරගම ජනාධිපති විද්‍යාලයී පරිශ්‍රයේදී 2022-01-08 දින පවත්වන ලදී . බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් මනෝවිද්‍යා උපදේශන නිලධාරින් නේත්‍රා මාලගොඩ මහත්මිය උපදේශන සහකාර ශ්‍රිපාලි පිටවෙල මහත්මිය මත්ද්‍රව්‍ය උපදේශන සහකාර කල්හාරි ජයසෙකර මහත්මිය සහභාගි විය.

529-පොල්වත්ත වසමේ ගරා වැටී ඇති පේෂකර්ම ගොඩනැගිල්ල බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීම සදහා එහි වත්මන් තත්වය පරික්ෂා කිරීමට 2022/01/08 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරික්ෂණයක් සිදුකරන ලදීි.
තවත් කියවන්න: බහුකාර්ය ගොඩනැගිල්ලක් සංවර්ධනය කිරීම සදහා ක්ෂේත්‍ර පරීක්ෂණ

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදුලි සෝපානය විවෘත කිරීමේ උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022-01-06 දින සිදු කරන ලදී. ඉන් අනතුරුව එතුමා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු අංශ වලට ගොස් එහි වැඩ කටයුතු නිරීක්ෂණය කොට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.

2022-01-08 දින 498- මාලපල්ල නැගෙනහිර මහජන ආරක්ෂක කමිටුවත් මහරගම නගර සභාවත් කොට්ටාව පොලීසියේ පරිසර ඒකකයත් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන කොට්ඨාශයේ සිදු කරන ලදි. ඊට සමගාමීව කසල පොළ,වරිපනම් බදු අය කිරීම සේවා පියස බහු කාර්‍ය මධ්‍යස්ථානයේදී සිදු කෙරුණු අතර මාර්ගයේ අක්‍රීය විදුලි පහන් වල විදුලි බුබුළු මාරු කිරීම ආදී කාර්‍යයන්ද සිදු කරන ලදි

2022-01-04 දින මුල්ළමාවිය සංවර්ධන නිළධාරි නිලූෂනී ආරියරත්න හා අභ්‍යාසලාභී තරුෂි මියගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
තවත් කියවන්න: මහරගම බිසි බර්ඩ්ස් පෙර පාසල ආරම්භ කිරීමේ අවස්ථාව
















