මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් පරිදි ළමා සභාවේ දරුවන් උදෙසා නව වසර සතුටින් ඇරඹීම සඳහා මානසික සවිබළකරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී 2021-12-08 දින පවත්වන ලදී. මෙය සංවිධානය කරන ලද්දේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කේ.ශ්‍රියාලතා මහත්මිය විසිනි. සම්පත් දායකත්වය මනෝවිද්‍යා උපදේශන නිලධාරි නේත්‍රා මාලගොඩ සහ මත්ද්‍රව්‍ය සහකාර උපදේශන නිළධාරිනි කල්හාරි වාසනා මහත්මිය විසිනි.

කොට්ටාව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සඳහා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයත් වෘත්තීය ජීවිතයත් සතුටින් ගතකිරීම සඳහා මග යන තේමාව යටතේ චලන චිකිත්සාව හා සංගීත චිකිත්සාව තුළින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොට්ටාව පොලිස් ස්ථානයේදී උපදේශනය නිළධාරිනි නේත්‍රා මාලගොඩ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2021-12-04 දින සිදු කරන ලදී.

නිවාස ගත දරුවන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නංවා සතුට පිරුණු ලොවක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන රුක්මල්ගම බාලිකා නිවාසයෙ සිදුකරන ලද මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් S.K. ජයසුන්දර මැතිණියගේ මගපෙන්වීම මත උපදේශන නිළධාරිනි නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් කලා ප්‍රතිකාර ඇසුරෙන් 2021-12-01 දින සිදු කරන ලදී

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ව්‍යවසායකයන් ගේ ආකල්ප සංවර්ධනය උදෙසා "සිතුවිල්ලෙන් ජයගත් සිහින" තේමාව යටතේ මෙම වැඩසටහන සහකාර අධ්‍යක්ෂක සැලසුම් නිමල් දයාරත්න මහතා ,සංවර්ධන අංශයේ හා ගොඩිගමුව සංවර්ධන නිළධාරිගේ සංවිධානත්වයෙන් උපදේශන නිලධාරීනී නේත්‍රා මාලගොඩ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2021-12-03 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

"මිනිස් වෙළදාම හා වින්දිතයන් හදුනා ගැනීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2021/12/01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත පැවැත්වුණි. මෙහිදී කොට්ටාශයේ පදිංචි ජනතාව සහ කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කල අතර කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන  නිලධාරින් වන උදුල කුමාර .ශානිකා ප්‍රේමරත්න හා නිල්මිණි පතිරගේ යන මහත්ම මහත්මීන්ගේ සංවිධානයෙන් හා මෙහයවීමෙන් වැඩසටහන පැවැත්වුණි.

News & Events

Scroll To Top