මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා නිලධාරී එම්.බී සූරියබණ්ඩාර මහතා විසින් බෝධිය පාර "United Royal" ක්‍රීඩා සමාජය උදෙසා සංවිධානය කල ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයට සමගාමිව සිදු කල ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන මාර්ගගත zoom තාක්ෂණය ඔස්සේ 2021-10-07 දින පවත්වන ලදී.මෙයට සම්පත් දායකත්වය සපයනු ලැබුවේ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශන නිලධාරී කල්හාරි රාජපක්ෂ මහත්මිය විසිනි.

"වාරි සෞභාග්‍යා" වැඩසටහන යටතේ බොරලැස්ගමුව වැවේ කරන ලද සංවර්ධනය පිලිබඳ අධීක්ෂණ චාරිකාවක් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරිමේ සංස්ථාව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, වසම භාර රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නියෝජිතයින් සමග 2021-10-06 දින සිදු කරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා නිලධාරී එම්.බී සූරියබණ්ඩාර මහතා විසින් “කොට්ටාව ක්‍රිකට් හා මලල ක්‍රීඩා “ ක්‍රීඩා සමාජය උදෙසා සංවිධානය කල “සතුට නුඹයි මගේ ලොවේ” තේමාව නිමිතිකොටගෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණ වැඩසටහන මාර්ගගත zoom තාක්ෂණය ඔස්සේ 2021-10-02 දින පවත්වන ලදී. මෙයට සම්පත් දායකත්වය සපයනු ලැබුවේ මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.

ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වත්තේගෙදර වසමේ ඩබ්.වසන්ත අල්විස් මහතාගේ නිවස හා මහරගම නැගෙනහිර වසමේ ඩබ්.එන්.ධර්මසිරි මහතාගේ නිවාස මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ සාර්ථකව නිමකර අවසන් කරන ලදී.එම නිවාස හිමිකරුට බාර දීමේ උත්සව 2021-10-04 දින අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හා දේශපාලන නියෝජිතයින් සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය, සංවර්ධන නිලධාරී ,ග්‍රාම නිලධාරී, සහ අනිකුත් රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව මෙය පවත්වන ලදී.

මනෝවිද්‍යා උපදේශන නිලදාරිනී නේත්‍රා ගයානි මාලගොඩ මහත්මිය විසින් සම්පත් දායකත්වය සැපයූ ලෝක ළමා දිනය නිමිති කරගෙන දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් පැවැත්වූ සතුට නුඹයි මගේ ලෝකයේ ළමා සංවර්ධනය පිළිබඳ මනෝවිද්‍යාත්මක වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී විජිතා මහත්මිය විසින් සංවිධානය කර 2021-10-01 දින පවත්වන ලදී.

News & Events

Scroll To Top