2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළබඳ පනත
නිවේදනයයි
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළබඳ පනත
ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබාගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මඟින් අයදුම් කළ හැකිය.(RTI 01 අයදුම්පත්‍රය බාගත කිරීමට අවශ්‍යනම් මෙම ලින්ක් එක ක්ලික් කරන්න) මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.
| තොරතුරු නිලධාරි | |
![]() |
|
| නම | - එච්.එම්.විරාජි මිය |
| තනතුර | - සහකාර ප්‍රාදේශීය ලේකම් |
| ලිපිනය | - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහරගම |
| දුරකථන අංකය | - 011-2746611 |
| විද්‍යුත් තැපෑල | - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| ෆැක්ස් | - 011-2844497 |
01. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබා ගන්න.
02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකි ද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුව ද දින 14ක් තුළ දන්වනු ලැබේ.
03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබා දෙනු ඇත.
04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරුතුරු ලබාදීම අපහසු වේ නම් තොරතුරු නිලධාරියා විසින් එකි කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
05. තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48ක් තුළ සිදු කරනු ඇත.
06. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම.
- පනත මඟින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.
- සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රධානය කිරීම.
- වැඩිපුර ගාස්තු අයකිරීම.
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරී විසින් ප්‍රතික්ෂේප කිරීම.
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේෂවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.(නම් කළ නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය RTI10 බාගත කිරීමට අවශ්‍යනම් මෙම ලින්ක් එක ක්ලික් කරන්න)
නම් කළ නිලධාරි (අභියාචනා නිලධාරි)
![]() |
|
| නම | - රංජිකා හිමාලි කරුනාරත්න මිය |
| තනතුර | - ප්‍රාදේශීය ලේකම් |
| ලිපිනය | - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහරගම |
| දුරකථන අංකය | - 011 2 841 931 |
| විද්‍යුත් තැපෑල | - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| ෆැක්ස් | - 011-2844497 |
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත - වාර්ෂික වාර්තාව 2021
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත - වාර්ෂික වාර්තාව 2021
|
01 |
වර්ෂය තුළ දී ලැබුණු මුළු ඉල්ලීම් ගණන |
13 |
|
02 |
වර්ෂය තුළ දී තොරතුරු සපයන ලද මුළු තොරතුරු ඉල්ලීම් ගණන |
08 |
|
03 |
වර්ෂය තුළ දී ප්‍රතික්ෂේප කරන ලද මුළු තොරතුරු ඉල්ලීම් ගණන |
02 |
|
04 |
වර්ෂය තුළ දී අසම්පූර්ණ, තොරතුරු ලබා දීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු ඉල්ලූ නමුත් තොරතුරු ඉදිරිපත් නොවූ මුළු තොරතුරු ඉල්ලීම් ගණන |
01 |
|
05 |
වර්ෂය තුළ දී එකතු කරන ලැබූ ගාස්තු මුදල |
රු. 3,000/- |
|
06 |
5 වන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද ඉල්ලීම් ගණන |
01 |
|
07 |
විනිවිදභාවය පිළිබඳ පවත්නා ක්‍රමයේ ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යම් යෝජනා |
|
|
08 |
තොරතුරු සන්නිවේදනය කිරීම, ප්‍රතික්ෂේප කිරීම මඟින් පැන නගින අභියාචන සංඛ්‍යාව |
01 |
|
09 |
වාර්තා පවත්වාගෙන යෑම, කළමනාකරණය සහ විනාශ කිරීමට අදාළ පරිචයන් |
|
- වෙබ් අඩවිය ඔස්සේ මෙන් ම දුරකථන පණිවිඩ, ලිපි, ෆැක්ස් යනා දී ක්‍රම ඔස්සේ තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.
පත්කොට ඇති තොරතුරු නිලධාරීන් පිළිබඳ විස්තර පහත පරිදි වෙයි.
|
තනතුර |
නම |
|
|
තොරතුරු නිලධාරී |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
එච්.එම්.විරාජි මිය |
|
නම් කළ නිලධාරී(අභියාචනා නිලධාරි) |
ප්‍රාදේශීය ලේකම් |
රංජිකා හිමාලි කරුනාරත්න මිය |


















