
ගොඩිගමුව දකුන ඒ ග්‍රාම ශක්ති ජනතා සමිතිය මගින් 2023/04/11 වන දින ගොඩිගමුව දකුන ඒ ග්‍රාම නිලධාරී කාර්‍යාලය අසල අවුරුදු පොල පවත්වන ලදී. මේ සඳහා සහකාර අධ්‍යක්ෂ සැලසුම් ප්‍රියදර්ශනී මහත්මිය, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරි ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී
තවත් කියවන්න: ගොඩිගමුව දකුන ඒ ග්‍රාම ශක්ති ජනතා සමිතියේ අවුරුදු පොල

රැක්මලේ නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සාමාජිකත්වයේ ආර්ථික සවියක් ඇතිකිරීමට සහ සමිති අරමුදල් රැස්කර ගැනීමට සංවිධානය කරන ලද අවුරුදු පොළක් රුක්මලේ මහ බස් නැවතුම් පොළේ දී පවත්වන ලදී.
පෙර පාසල් සිගිත්තන්ද වෙළඳ කුටියක් පැවැත්වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට ග්‍රාම සංවර්ධන නිලධාරී, රුක්මලේ නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපති, ගරු ලේකම්, රුක්මලේ බටහිර ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපති, ප්‍රජා පොලිස් නිලධාරීන්, ප්‍ර දේශයේ ප්‍රභූ පිරිස්, පෙර පාසලේ ගුරු මණ්ඩලය, සමිති සාමාජිකත්වය සහභාගී වින.
මෙම පොළ 2023-04-09 දිනත් පැවැත්වේ...
තවත් කියවන්න: රැක්මලේ නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය විසින් පවත්වන අවුරුදු පොළ

කොට්ටාව උතුර වසමේ මොරගහ කන්ද සුභ සාධක සමිති ශාලාවේ දී 2023.03.04 වන සෙනසුරාදා ප.ව.2.00 සිට ප.ව. 4.30 දක්වා පැවැත්විණි .ඒ සදහා කොට්ටාව උතුරකොට්ටාව බටහිර ලියනගොඩ වසමේ ප්‍රතිලාභින් සහභාගී විය.

කොට්ටාව උතුර වසමේ අඩු ආදායම් ලාබී පවුල් 10ක් සදහා වියලි ආහාර මලු බෙදාදීම පසුගිය දින සිදු විය . ඒ සදහා දායකත්වය ලබාදීම වසමේ ව්‍යාපාරික මහතකු වන රෝහිත උඩවත්ත මහතා වන අතර ග්‍රාම නිලධාරී ,ආර්ථික සංවර්ධන නිලධාරී සහභාගි විය .
තවත් කියවන්න: අඩු ආදායම් ලාබී පවුල් සදහා වියලි ආහාර මලු බෙදාදීම

ශ්‍රී ලංකා පේශකර්ම හා ඇගළුම් ආයතනය මගින් පාවහන් නිශ්පාදනය දෙවන අදියර වූ සදහා පුහුණුව ලැබූ ව්‍යවසායකයින් සදහා උපකරණ බෙදාදීම 2023/02/27 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී සිදුවිය...
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සම්බන්දීකරනය කල කාන්තා ව්‍යවසායකයින් 10 දෙනෙකු සදහා මෙම අවස්තාව හිමිවූ අතර උපකරණ ප්‍රධානය සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ ශ්‍රී ලංකා පේශකර්ම හා ඇගළුම් ආයතනයේ නිළධාරීන් සහභාගී විය.
















