2023.07.18 මහරගම ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව මහරගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.

කොළඹ නව දිසාපතිතුමා/ දිස්ත්‍රික් ලේකම් කේ.ජී විජේසිරි මැතිතුමාගේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්ය මණ්ඩල හමුව 2023-06-23 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී. මේ සඳහා සියලුම මාණ්ඩලික නිලධාරීන්, කාර්යාල ගත නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සියලු ක්ෂේත්‍ර නිලධාරීන්, සමෘද්ධි කළමණාකරුවන් හා සියලු සමෘද්ධි නිලධාරීන් සහභාගි වන ලදී.

ග්‍රාම නිලධාරීන් විසින් සංවිධානය කල අයිස්ක්‍රිම් දන්සැල 2023/06/05 දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් අතිසාර්ථකව පැවැත්විය....

2023-06-07 දින ජාතික පරිසර දින සැමරුමට සමගාමීව අවසන් පරිසර වැඩසටහන පවත්වන ලදි.

කසල කලමනාකරණය හා ප්ලාස්ටික් වලින් සිදු වන පරිසර දූෂණය අවම කිරීම පිලිබද ප්‍රජාව දැනුවත් කරන ලදි.

සම්පත් දායකත්වය- මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන අංශයේ පරිසර නිලධාරී නීතිඥ සුචිත්රා මහත්මිය.

සම්බන්ධීකරණය හා සංවිධානය- පරිසර නිලධාරී.

ප්‍රධානත්වය- ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය,සැලසුම් අධ්‍යක්ෂක.සහය ලබා දිම-ආපදා සහන නිලධාරී අමාලි මහත්මිය

පෙයාර්ස් බේබි බිළිඳු සත්කාරක ව්‍යාපෘතිය යටතේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ,පෙයාර්ස් බේබි ආයතනය,මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ අඩු ආදායම්ලාබී ගැබිනි මව්වරුන් සඳහා පෙයාර්ස් උපකරණ කට්ටල 100 ක් බෙදාදීම වැඩසටහන

2023.5.23 සංධ්වනි ශාලාවේදී පැවතිණි.

සම්බන්ධිකරනය ,මුල් ළමාවිය සංවර්ධන නිලධාරි

නිලූෂනී ආරියරත්න මිය

News & Events

Scroll To Top