
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු යටතේ මාකුඹුර උතුර ,මාලපල්ල බටහිර හා මාලපල්ල නැගෙනහිර වසම් කේන්ද්‍ර කොට ගෙන ශ්‍රී ලංකා හදබිම් අධිකාරිය මගින් ප්‍රතිලාභී පවුල් 75 ක් සදහා ගෙවතු වගා කට්ටලයක් හා පොල් පැල බෙදාදීමේ වැඩසටහනක් ගරු දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර භාෂා පුහුණු මධ්‍යස්ථානයදී 2022.11.18 දින පැවැත්විය .මේ සදහා වසම් තුනේ සියලු නිලධාරීන් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
තවත් කියවන්න: ගෙවතු වගා කට්ටලයක් හා පොල් පැල බෙදාදීමේ වැඩසටහන

ශ්‍රී ලංකා හදබිම් අදිකාරිය මගින් මාලපල්ල නැගෙනහිර ,මාලපල්ල බටහිර ,මාකුඹුර උතුර වසම්වල ප්‍රතිලාභී පවුල් 75ක් සදහා ගෙවතු වගාව පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.06 දින මාලපල්ල නැගෙනහිර සේවා පියසේදී පැවැත්විය.මේ සදහා සංවර්ධන නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් ඇතුළු අනිකුත් නිලධාරින්ද ,දේශපාලන නියෝජිතයින්ද සම්බන්ධ වන ලදී.
තවත් කියවන්න: ශ්‍රී ලංකා හදබිම් අදිකාරියේ ගෙවතු වගාව පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන ආපනශාලාව 2022-11-02 දින සුබ මොහොතින් ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සුරතින් විවෘත කරන ලදී. මේ සඳහා අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද සහභාගි වන ලදී.
තවත් කියවන්න: ආපනශාලාව විවෘත කිරීමේ උත්සවය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

කොට්ටාව නැගෙනහිර වසමේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ පොල් වගාවට හානි කරන සුදු මකුණා හා අනිකුත් හානි කරන කෘමි සතුන් පලවා හැරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පොල් සංවර්ධන නිලධාරි ධනුෂ්ක මහතා සහ වසම් භාර කෘෂි පර්යේෂණ නිලධාරී , සංවර්ධන නිලධාරීන් විසින් 2022.11.04 දින පවත්වන ලදී
තවත් කියවන්න: පොල් වගාවේ රෝග තුරන් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

නාවින්න/ප්‍රගතිපුර/කොට්ටාව නැගෙනහිර/පමුණුව තලවතුගොඩ බටහිර වසම් වල
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටුවේ නියාමනය යටතේ වසම් තුළ නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කිරීම හා රැකියා උත්පාදන
උක්ත මැයෙන් දැනුවක් කිරීමේ රැස්වීමක් 2022.10.21 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් V.N. පෙරේරා මහතා ,කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාගේ හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී .එම දැනුවත් කිරීමේ රැස්වීමට අනිකුත් මාණ්ඩලික නිලධාරීන් හා නාවින්න,පමුණුව,කොට්ටාව නැගෙනහිර ප්‍රගතිපුර , තලවතුගොඩ බටහිර යන වසම්වල ග්‍රාමීය කමිටු නියෝජනය කරන ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ද සහභාගි වන ලදී.
තවත් කියවන්න: නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කිරීම හා රැකියා උත්පාදනය පිළිබද දැනුවත් කිරීමේ රැස්වීම
















