497/B රුක්මලේ නැගෙනහිර වසමේ රුක්මල් ළමා සමාජය හා මුතුහ‍ර ළමා සමාජයේ දරුවන් විසින් 2023. 09.01 වන දින රුක්මලේ ශ්‍රී ධර්ම ව්ජ්යාලෝක විහාරස්ථානයේදි මල් පුජාව සහ ආලෝක පුජාව සිදු කරන ලදි. මේ වැඩසටහන සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලදී.

2023-08-23 දින දෙපානම සමෘද්ධි ප්‍රජා මූල සමිතිය මගින් පැවැත්වූ චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානය.  මේ සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු වසමේ නිලධාරීන් සහාභාගි විය.

තරුණියන්     වෘත්තීය පුහුණුව සඳහා         යොමු කිරීමට අදාළ මූලික දැනුවත් කිරීමේ වැඩසටහන 2023.08.14   දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප්‍රාදේශීය සාහිත්‍යය තරගාවලියේ පද්‍ය ගායනා තරග 2023.08.19 දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා පැවැත් විණි.කොට්ඨාසයේ පාසල් ,දහම් පාසල්,කලායතන,පුද්ගලික පාසල් දරුවන් 163 දෙනෙකු මේ සදහා සහභාගී වූහ .

දේශීය හා විදේශීය ඉහළ පිළිගැනීමක් සහිත පාඨමාලා හැදැරීමට

* ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

* NAITA ආයතනය

*ගොඩගම කාර්මික විද්‍යාලය

*සාගර විශ්ව විද්‍යාලය

ඉහත රාජ්‍ය ආයතන වල සහභාගිත්වයෙන්

2023.07.21 දින පෙ.ව.9.00 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් පාසැල් හැරගිය සිසුන් වෘත්තිය පාඨමාලාවන් සඳහා ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් නිපුණතා නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී. මේ සඳහා සැලසුම් අංශයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා තරුණ සේවා නිලධාරී විසින් සහයෝගය ලබා දෙන ලදී.

News & Events

Scroll To Top