
2023.05.21 දින මහරගම බටහිර වසමේ මහජන ආරක්ෂක කමිටු සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන්, (අධික වර්ෂාව මධ්‍යයේ) ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන ලදි .එහිදී,
*මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම,
*වසම තුළ කසල පොළක් පැවැත්වීම.
*ග්‍රාම නිලධාරී කාර්‍යාලය අවට පිරිසිදු කිරීම.
වැඩසටහන සදහා මහරගම නගර සභාව හා මහරගම පොලිස් ස්ථානය සහ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී සුජීවා ලියනපතිරන මහත්මියද පූර්ණ සහයෝගය ලබා දුන් අතර හිටපු පරිපාලන ග්‍රාම නිලධාරී උපාලි මහතාද මෙම අවස්තාවට සහභාගි විය..
සම්බන්ධීකරනය ග්‍රාම නිලධාරි විසිනි.
H.M.D.K. නිශාමලි මිය

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මහරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛනාධිකාරී, මිරිහාන විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිනලගම හේමසාර නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයෙන් ආරම්භ විය. පිණ්ඩපාත චාරිකාවට ස්වාමීන් වහන්සේලා 53ක් වඩින ලදී. මෙම වැඩසටහන සඳහා කොළඹ මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් K.G. විජේසිරි මැතිතුමා ද මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය හා කාර්ය මණ්ඩලය ද සහභාගි විය. මෙම වැඩසටහනෙහි දායකත්වය මිරිහාන විවේකාරාමයේ දායක සභාව, එම ප්‍රදේශයේ කාන්තා සමිතිය හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. පින්වත් ප්‍රදේශවාසීන් ද දන් පිළිගන්වන ලදී.
තවත් කියවන්න: වෙසක් පොහොය නිමිති කරගෙන පිණ්ඩපාත චාරිකාව 2023-05-06 පෙ.ව 9.30ට

වෙසක් පොහොය නිමිති කර ගෙන ධර්ම දේශනා පිංකමක් හා බක්ති ගීත වැඩසටහනක් 2023/05/08 සදුදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්පාලන හා පළාත් සභා ගරු කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.05.08 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා දේශපාලන නියෝජිතයින්, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්. එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය, මහරගම නගර සභාව ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රජයේ නිලධාරීන්. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කාර්යාලයීය නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන් ඒ සඳහා සහභාගි වන ලදී.

ගරු අග්‍රාමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්පාලන හා පළාත් සභා ගරු කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම්/ මහ දිසාපති K.G. විජේසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොම්තොට වගා සංග්‍රාමයේ ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර බෙදා දීම සහ ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් පොල් පැල බෙදා දීම 2023.04.18 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකරන ලදී. මේ සඳහා රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා සංවිධාන නියෝජිතයින්, ගෙවතු හිමියන් ද සහභාගි වන ලදී.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පොල් පැළ බෙදාදීම
















