525ඒ උඩහමුල්ල නැගෙනහිර සමෘද්ධි ළමා සමිතියේ දරුවන් සදහා මනෝවිද්‍යා උපදේශන වැඩසටහනක් 2023/02/14 දින ශ්‍රී බෝධි විහාරස්ථානයේ පවත්වන ලදි .මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ මනෝවිද්‍යා උපදේශන නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි . සමෘද්ධි සමිතිය,සමෘද්ධි නිලධාරි ,ග්‍රාම නිලධාරි ,සංවර්ධන නිලධාරි යන සියලු නිලධාරින්ගේ සහයෝගයෙන් වැඩසටහන සාර්ථකව පවත්වන ලදි .

75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් සෙත් පිරිත් සජ්ජායනාවක් පන්නිපිටිය මොරකැටිය පරමධම්ම විහාරස්ථානයේ 2023-02-04 දින පවත්වන ලදී.

497/B රුක්මලේ නැගෙනහිර වසමේ ළමා සමාජයේ දරුවන් විසින් ඔවුන්ගේ කුසලතා එලි දැක්‌විමේ වැඩසටහනක්  2023/01/17 වනදින රුක්මල්ගම ප්‍රජාශාලාවේදි පවත්වන ලදී. මේ සදහා සංවර්ධන නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් වසමේ ගුරු මහත්මියකගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.

75 වන නිදහස් සමරු උළෙලට සමගාමිව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   රුක් රෝපණ වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ හා අනිකුත් මාණ්ඩලික නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් බොරලැස්ගමුව වැව ආසන්නයේ 2023-02-03 දින සිදු කරන ලදී.

496 කොට්ටාව දකුණ

දිනය 2023/01/14

ස්ථානය ග්‍රාම නිලධාරි කාර්යාලය අවට හා සමිති භූමිය පිරිසිදු කිරිම හා කසලපොල පැවැත්වීම

දායකත්වය මහජන ආරක්ෂක කමිටුව හා ප්‍රදේශවාසීන්

මෙයට සමගමෙීව ⁣ඩෙංගු මර්ධනය වැඩසටහන ද පැවැත්විය

News & Events

Scroll To Top