689 බස් මාර්ගයේ දෙල්ගහවත්ත පාර සිට ප්‍රගතිපුර දක්වා ඇවිදින මංතීරුව ට සමාන්තරව ප්‍රධාන මාර්ගයට ආසන්න ප්‍රදේශයෙහි සුළු ව්‍යවසායකයින්ගේ වෙළඳපොළ

අනුග්‍රහය - ප්‍රාදේශිය සභා මන්ත්‍රී සමන් සේනාධීර මහතා.

දිනය -2022-12-22,23 හා 24

සංවිධානය හා සහභාගීත්වය- උඩහාමුල්ල නැගනහිර , තළපත්පිටිය මාදිවල හා ප්‍රගතිපුර, යන වසම් වල සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කෘෂි නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරීන් සංවිධානය කර තිබුණි.

සහභාගිත්වය- පූජ්‍ය මාදිවල සීවලී හිමි,ඉහත වසම්වල සියලුම නිලධාරීන් ,මහජන නියෝජිතයින් සහ මහරගම නගර සභාවේ දේශපාලන නියෝජිතයින්,මහරගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්,සමෘද්ධි කළමනාකරුවන්, ප්‍රජා මූල සංවිධානවල නිලධාරි මණ්ඩලය සහ සාමාජිකයින්, අලෙවි ව්‍යවසායකයින්.

ඉලක්කගත කණ්ඩායම-   ඉහත කී සමෘද්ධී ප්‍රජාමූල සමෘධි ප්‍රජා මූල සංවිධානවල අලවි විවසායකයින් ඇතුළු අනෙකුත් විවසායකයින් ගේ ආදායම වර්ධනය කිරීම.

ඉදිරිපත්වූ අලෙවි විවසායකයින් සංඛ්‍යාව-72

වෙළඳ කුටි සංඛ්‍යාව- 41

අරමුණ- සුළු හා අලෙවි ව්‍යවසායක ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම හා දිරි ගැන්වීම, ප්‍රදේශවාසීන්ට ගුණාත්මක බවින් වැඩි සාධාරණ මුදලකට අත්‍යවශ්‍ය සේවා සැපයීම.

Humanitarian Assistance Project for Colombo District, Urban Agriculture Support of Maharagama Division සම්බන්ධව Save the Children ආයතනය මගින් සිදුකරනු ලබන ගෙවතු වගා මානුශීය ප්‍රතිචාර වැඩසටහන යටතේ ගෙවතු වගාව සිදුකරන අඩු ආදායම්ලාභී ප්‍රතිලාභින් සදහා ගෙවතු වගා උපකරන හා බීජ පැකට් ලබා දීමේ දෙවන අදියර 2022.12.09 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී මහරගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමියගේ ප්‍රධානත්වයෙන් හා සංවර්ධන නිලධාරීන්, Save the Children ආයතනයේ නිලධාරීන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් පැවත්විය.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන මාසික වෙළද ප්‍රදර්ශනය නොවැම්බර් මස 28 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍ පරිශ්‍රයේදී පැවැත්විනි.ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ ගණකාධිකාරි තුමන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර ව්‍යවසායකයන් 18 දෙනෙකු සදහා අළෙවි අවස්තා සලසා දීමට හැකිවිය.

ප්ලාස්ටික් භාවිතය   පසුභාවිතය හා ප්‍රතිචක්‍රීකරණය පිලිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ දරුවන් දැනුවත් කිරීමට වැඩසටහන John keells pvt Ltd,Elephant House, Eco Spindles pvt Ltd යන ආයතනයන්ගේ සම්පත් දායකත්වයෙන් පරිසර නිලධාරීගේ සහ කොට්ටාව උතුර සංවර්ධන නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් 2022-12-08 දින පවත්වන ලදි.

5 වසර දරුවන් ගේ ශිෂ්‍යත්ව පෙරහුරුව හා මානසික සංවර්ධනය උදෙසා කරන ලද රසවින්දනාත්මක වැඩ සටහන 2022/11/23 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සංධවනි ශාලාවේ දි ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ උපදෙස් අනුව මහරගම සමෘද්ධි බැංකු සමිතියේ කලමණාකරු කේ .රමනි පෙරේරා මියගේ මගපෙන්විමෙන් සමාජ සංවර්ධන සහකාර ඉන්දුාණි ජයලතා මිය සියලු ම සමෘද්ධි කලමණාකරු කරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරි න්ගේ සහයෝගයෙන් පවත්වන ලදි. ආයුර්වේද වෛද්‍ය ,ප්‍රවීනදේශක ජී.එල්.පාඩියප්පෙරුම මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදි.මෙම අවස්ථා වට මුලස්ථාන කලමණාකරු ශ්‍යාමා සිරිවර්ධන මිය,ව්‍යාපෘති කලමණාකරු සමිර අනුරංග මහතා ද සහභාගි විය

News & Events

Scroll To Top