527සී මහරගම බටහිර ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුව යටතේ, බිම්මල් වගාව පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් අද දින 2023.1.14 මහරගම බටහිර සණස සමිති ශාලාවේ දී සිදුකරන ලදි.

සම්පත් දායකත්වය මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක අත්මා විතානගේ මහත්මිය විසින් ලබා දෙන ලදි.

වැඩසටහන සදහා වසමේ කෘෂිකර්ම නිෂ්පාදන පර්‍යේෂණ සහකාර පාලිත මහතා ද සහභාගි වූ අතර ප්‍රතිලාභීන් 16ක් පමණ සහභාගි වන ලදි.වැඩසටහන සදහා අමුද්‍රව්‍ය සපයාගැනීමේදී , මාදිවෙල සංවර්ධන නිලධාරි නදීශ් මහතා විසින් සහය ලබාදෙන ලදි.

වැඩසටහන සංවිධානය

527සී මහරගම බටහිර සංවර්ධන නිලධාරිනිය විසිනි.

මහරගම කොට්ඨාසයේ පෙර පාසල්, දරුවන්ගේ තෛපොංගල් දින සැමරුම්

වාර්ෂික දින සටහන් වැඩසටහන 2023.01.13.. අධීක්ෂණය -මුල් ළමාවිය සංවර්ධන නිලධාරී

මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය, කිරි උතුරුවා, එක් ප්‍රතිඥාවක් පෙරදැරිව 2023 ජනවාරි 2වන දින රාජකාරි ආරම්භ කරන ලදී. මෙහිදී පිරිත් සජ්ජායනාවක්ද පවත්වන ලදී.

2023 වර්ෂයේ මහරගම කාන්තා පුහුණු මධ්‍යස්ථාන සමාරම්භක උත්සවය පතිරගොඩ නාලන්දාරාම විහාරයේදී පැවැත්විනි,

මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රී ප්‍රදීප් ලියනගේ මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් සාරංගිකා ජයසුන්දර මැතිනිය , ග්‍රාම සංවර්ධන නිලධාරි W.කීර්ති මයා, ආර්ථික සං. නිලධාරී චතුර සමරනායක මයා, අමිතා උදේනි මිය, ජේෂ්ඨ මැහුම් උපදේශක අනෝමා මිය, ග්‍රාම නිලධාරී සුදීර මයා, ස්ථාන භාර මැහුම් උපදේශක මෙරුෂිකා මිය, ග්‍රාම සං. සමිති සභාපති පුබුදු මයා ඇතුළු නිලධාරීන්, ප්‍රජා මණ්ඩල නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වින......

මෙහෙයවීම - ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව(බ.ප.)

අධීක්ෂණය - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සංවිධානය - පතිරගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය

2023-01-04 දින පතිරගොඩ ජයගත් පාර ප්‍රජා ශාලාවේ පාඨමාලාව පැවැත්වේ...

මහරගම පුරවරයේ කේන්ද්‍රීය පාලන ස්ථානය ලෙස ක්‍රියා කරමින් පුරවැසි ජීවන තත්වයන් ඉහල නැංවාලීම උදෙසා සේවා සැලසීමේ දී,
පැවති ආයතනික තත්වයන් න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කරවා ගනිමින් සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව උපයෝජනය කර ගනිමින් කල මෙහෙවර වෙනුවෙන්,
මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය -2020 වසරේ රාජ්‍ය අංශයේ දිවයිනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල අතුරෙන් තෙවන ස්ථානය ලබමින් 2022 දෙසැම්බර් 15 වන දින ගෞරව සම්මානයට පාත්‍ර වු වගයි....~

News & Events

Scroll To Top