
34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලැබූ මහරගම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල 2023.10.22 වන දින ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේ දී ඉතා සාර්ථකව පවත්වනු ලැබී ය.
ඒ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ. ජයසුන්දර යන මහත්මීන් මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ශතුමා ඇතුළු නිලධාරීන් සහභාගී විය.
තවත් කියවන්න: මහරගම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල 2023.10.22

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්පාලන හා පළාත් සභා ගරු කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.10.12 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා දේශපාලන නියෝජිතයින්, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්. එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය, මහරගම නගර සභාව ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රජයේ නිලධාරීන්. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කාර්යාලයීය නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන් ඒ සඳහා සහභාගි වන ලදී.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2023-10-12

සෞඛ්‍ය අමාත්‍යාංශය හා මහරගම දන්ත සෞඛ්‍ය ආයතනය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල්ළමාවිය සංවර්ධන නිළධාරි එක්ව ලෝක ළමාදිනයට සමගාමීව සංවිධානය කළ දරුවන් සඳහා දන්ත සෞඛය වැඩමුළුව හා දෙමව්පියන් දැනුවත් කිරමේ වැඩසටහන 2023.10.3 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි . ප්‍රාදේශීය ලේකම්තුමිය සහභාගි විය.
තවත් කියවන්න: දරුවන් සඳහා දන්ත සෞඛය වැඩමුළුව හා දෙමව්පියන් දැනුවත් කිරමේ වැඩසටහන

මහරගම ප්‍රාදේශීය සාහිත්‍යය උත්සවය 2023 සැප්තැම්බර් 26 වන දින ගනේලන්ද පුරාණ විහාරස්ථාන ශාලාවේදී මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සියලු අංශවල නිලධාරීන්ගේ කැපවීමෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි.

2023/09/10 දින ගනේලන්ද රජමහා විහාරස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. මේ සඳහා සියලු රාජ්‍ය නිලධාරීන්, වසමේ සංවිධානවල සහාය ලබාදෙමින් සහභාගි වන ලදී
















