කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන " ලේ දන් දීමේ වැඩසටහනක් " 2021.03.18 දින මහරගම පුාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මෙම ලේ දන්දීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා විසින් අධීක්ෂණය කරන ලදී.මේ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ හා සේවාලාභීන්ගේ දායකත්වයද ලබා දෙන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් දෙපානම ග්‍රාම නිලධාරි වසමේ  පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.18  දින ධම්මින්දාරාමයේදී  සිදු කරන ලදී. මේ සදහා මහරගම නගර සභාව, පොලිසිය,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ උපදෙස් පරිදි සංවර්ධන සහකාර නිලධාරිනි තුසිතා පෙරේරා මහත්මිය විසින් බස්නාහිර පළාත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ප්‍රතිපාදන ලබාදිම සදහා කැදවන ලද අයදුම්පත් වලට අදාල නිවාස 2021.02.11 දින හා 2021-03-16 දින අධීක්ෂණය කිරීම. උඩහමුල්ල වසම කේ හර්ෂ කුමාර,20/25 වැටකෙයියා වල පාර,උඩහමුල්ල හා ප්‍රගතිපුර වසම එනම් එල් ඩබ්ලිව් ලාල් සුසන්ත 43/3සී ප්‍රගතිපුර, මාදිවෙල

මහරගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 496බී කොට්ටාව නගරය හා 496 කොට්ටාව දකුණ ග්‍රාම නිලධාරි වසම් වල අවුරැදු 60 ට වැඩි ට ඩැඩි ජනතාව සදහා covid මර්ධන එන්නත් ලබා දීම 2021/03/17 කොට්ටාව  ධම්මකිත්තිකාරාම විහාරස්ථානයේ  දී සිදු කරන ලදි.

මහරගම සෞඛ්‍ය නිලධාරි  කාර්යාලය විසින් මෙහයවනු ලබු අතර මහරගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය , නගර සභාව හා කොට්ටාව පොලිසිය  නියෝජනය කරමින් නිලධාරි  සහභාගි විය.තවද කොට්ටාව නගරය හා දකුණ  මහජන ආරක්ෂක කමිටුවේ  ක්‍රියාකාරීන් සහයෝගය දක්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් 530-මහරගම නගරය, 532/C වත්තේගෙදර  ග්‍රාම නිලධාරී වසම් වල පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.16 දින ඉසිපතනාරාම විහාරස්ථානයේදි සිදු කරන ලදී. මේ සදහා මහරගම පොලිසිය,මහරගම නගර සභාව,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.

News & Events

Scroll To Top