2021-02-06 දින පැවැත්වීමට නියමිත වාරි සෞභාග්‍යා දිස්ත්‍රික් වැඩසටහන පැවැත්වෙන බොරලැස්ගමුව වැව හා ඒ හා සම්බන්ධ වාපිකාරාම පන්සල් භූමියේ පෙර සූදානම නිරීක්ෂණය කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් පැමිණි අවස්ථාව (2021-02-05)

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ මගපෙන්වීම යටතේ ගණකාධිකාරී නදීකා ගුණතුංග මහත්මිය සංවිධානය කළ ගිණුම් අංශයේ නිලධාරීන් තම උපන්දින සඳහා වැය කරන මුදල් එකතු කොට ආර්ථික අපහසුතාවලින් පෙලෙන දරුවන් සිටින පවුල්වලට පිහිට වීම සඳහා වාර්ෂිකව සිදු කරන සත්කාරක පිංකම 2021-02-05 දින කාර්යාලයේදී සිදු කරන ලදී. වයස අවු. 16 සිට මාස 01 දක්වා වූ දරුවන් 5 දෙනෙකු සිටින, ස්වාමියා හැර ගිය, මේ වන විට ආබාධයකට ලක්ව සිටින අසරණ කාන්තාවක් හා ඇයගේ දරුවන් වෙනුවෙන් රු. 20,000 ක් වටිනා පරිත්‍යාග ඇයගේ මව වෙත පිරිනමනු ලැබුවා.

73 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් පැවැත්වූ රුක්රෝපණ වැඩසටහන්-528 පමුණුව වසමේ දේවාල පාර ධර්මශ්‍රීවර්ධනාරාමය. කොට්ටාව දකුණ වසමෙ ග්‍රාම සංවර්ධන සමිතිය හා මාලපල්ල නැගෙනහිර වසමේ ග්‍රාම සංවර්ධන සමිතිය.

විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුනවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් 73වන නිදහස් සැමරුම් උත්සවය මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදිවෙල වසමේ ප්‍රජාමන්ඩල පරිශ්‍රයෙදී 2021/02/04 දින සිදු කරන ලදී. මේ සඳහා දේශපාලන නියෝජිතයින්,රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සමිති වල නියෝජිතයින් ද සහභාගී වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ උපදෙස් පරිදි 73 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් බහු කාර්ය සංවර්ධන කාර්ය සහායකයන් සමග එක්ව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රුක් රෝපණය කිරීමේ අවස්ථාව සහ කාර්යාලය අවට පරිසරය පිරිසුදු කිරීමේ කටයුතු සිදු කරන ලදී. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා නිලධාරි වසන්ත රත්නායක මහතා විසිනි.
(2021-02-04)

















