
දෙවන අදියර ලෙස දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.06.22වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රැස්වීමක් පැවතුණි. ඒ සදහා පළාත් අධ්‍යක්ෂ (කෘෂිකර්ම) යූ. අමරකෝන් මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂ (පොහොර) ආර්. එම්.ටී පුෂ්පකුමාර මහතා, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති) එච්.එස්. ප්‍රේමරත්න මිය, නියෝජ්‍ය පළාත් කෘෂි අධ්‍යක්ෂ කාර්යාලය කෘෂි උපදේශක ආර්. එස්. කුමාරසිරි මයා, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඩී.ඊ.විජේගුණවර්ධන මහත්මිය හා මහරගම කෘෂිකර්ම සංවර්ධන නිලධාරි, මහරගම කෘෂිකර්ම උපදේශක තුමියන් දෙපල, පොල් සංවර්ධන නිලධාරි ආර්.එ. ලිලාන් ධනුෂ්ක මහතා හා කොට්ඨාශයේ වසම් භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහභාගි විය.
මෙහිදී කොට්ටාශයේ කාබනික පොහොර වගාව සම්බන්ධ ගැටලු සාකච්ඡා කල අතර, කාබනික පොහොර නිශ්පාදනයේ ප්‍රමිතිය තහවුරු කරන ආකාරය පිලිබදව කෘෂිකර්ම උපදේශක චම්පිකා කිත්මිනි මහත්මිය විසින් ඉදිරිපත් කිරීමක් කරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා එක්ව සංවිධානය කල පිරිවැයකරණය (Costing) වැඩසටහන ව්‍යාවසායකයන් 15 ගේ සහභාගිත්වයෙන් 2021-06-21 වන දින ප.ව.12 සිට ප.ව.3.30 දක්වා පවත්වන ලදි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිළධාරින් විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

සමාජ සත්කාරයක් වශයෙන් මහරගම යෞවන සමාජ සම්මේලනය විසින් යෞවන සමාජ තරුන තරුනියන්ගේ උත්සාහයෙන් උපයාගත් මුල්‍යමය අනුග්‍රහයෙන් නාවින්න අයුර්වේද රෝහලේ ස්තාපිත කොරෝනා අසාදිත නේවාසික රෝගීන්ගේ පරිහරනය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාන්ඩ තොගයක් 2021-06-20 දින මහරගම තරුණ සේවා නිලධාරී පියුම් අතුරුගිරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල වෙත පරිත්‍යාග කරන ලදී..

සංචරණ සීමා හේතුවෙන් අපහසුතාවන්ට පත් වූවන් සඳහා වියළි ආහාර සලාක 150 ක් ලබා දීම මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියනගොඩ වසම තුල 2021-06-21 දින සිදු කරන ලදි.මෙම සත්ක්‍රියාව ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින හේමපාල සිල්වා මහතාගේ ධන පරිත්‍යාගයෙන්ද, ඊ.එස්. අල්විස් මහතාගේ සම්බන්ධීකරණයෙන්ද,ග්‍රාම නිලධාරිනි එස්.ඩබ්.එස් නිලන්ති මහත්මිය හා උදයංග මහතාගේ මැදිහත් වීමෙන්ද, කොට්ටාව පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය වෙනුවෙන් ස්ථානාධිපති ආනන්ද මහතාගේද, දිල්සුපුන් මහතාගේද, ලියනගොඩ මහජන ආරක්ෂක කමිටුව වෙනුවෙන් ඉන්ද්‍රසිරි හා කමල් යන මහත්වරුන් ගේද සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙරට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය ට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය හා ඒ සඳහා යොමු කරවීම, එහි දී පැන නගින ගැටළු හා ඒවාට යෝජිත විසදුම් පිළිබඳ සාකච්ඡාවක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී 2021 ජූනි 16 පැවැත්විනි. ඒ මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මහතා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත මහතා , බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එන්.නිල්වල මහතා, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සේනක සිල්වා මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් සහභාගී විය.
එහි දී කොට්ඨාසයේ කෘෂිකාර්ම්ක කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයන් පිලිබඳ ව හා ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කල අතර, කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රමිතිය තහවුරු කරන ආකාරය ඇතුළු කාබනික වගාවේ දී ඇති වන ගැටළු පිලිබඳ ව ද තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද තීරණය කෙරිනි.
















