මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් ගොඩිගමුව උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.02 දින මහරගම ධර්මායතනයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මැතිතුමා හා දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණු අතර මේ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු කාර්යය මණ්ඩල නිලධාරින්ද, මහරගම පොලිසිය,මහරගම නගර සභාව ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.
තවත් කියවන්න: ගොඩිගමුව දකුණ ග්‍රාම නිලධාරි වසම සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් පතිරගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.01 දින නාවින්න රජමහ විහාරයේදී සිදු කරන ලදී. මේ සදහා මහරගම පොලිසිය,මහරගම නගර සභාව,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.
තවත් කියවන්න: පතිරගොඩ ග්‍රාම නිලධාරි වසම සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සී/ස 532A ගොඩිගමුව දකුණ වසමේ ග්‍රාම ශක්ති ජනතා සමිතියේ දෙවස් පූර්ණ සංවත්සරය හා නිලවරණය සංවර්ධන නිලධාරී යමුනා චතුරාණි මහත්මියගේ හා ග්‍රාම නිලධාරී එම්.තුෂාරි මහත්මියගේ මුලිකත්වයෙන් 2021-02-06 දින ප.ව 3.00 ට සද්ඞර්මාරාම විහාරස්ථානයේ පැවැත්විණි.
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් නාවින්න ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.02.27 දින නාවින්න රජමහ විහාරයේදී සිදු කරන ලදී. මේ සදහා මහරගම පොලිසිය,මහරගම නගර සභාව,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.
තවත් කියවන්න: නාවින්න ග්‍රාම නිලධාරි වසම සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම

බොරලැස්ගමුව වැව් සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම හා වැව පිරිසිදු කිරීම(ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනය-වාරි මාර්ග දෙපාර්තුමේන්තුව) - වාරි සෞභාග්‍යා කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා ,පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-02-06 දින වපිකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.මෙම උත්සවය සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය විසිනි.මේ සදහා වාරිමාර්ග දෙපාර්තුමේන්තු අධ්‍යක්ෂ,කැස්බෑව ප්‍රාදේශීය ලේකම් හා රාජ්‍ය නිලධාරීන් ද,මහජන නියෝජිතයින් ද,ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගිවන ලදී.


















