
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 524a ප්‍රගතිපුර වසමේ තනුජා මනෝරි මහත්මියගේ නිවසට මුල්ගල තැබීමේ උත්සවය 2021-03-15 දින පවත්වන ලදී. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයින් ද සහභාගි වන ලදී.
තවත් කියවන්න: ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන-524a ප්‍රගතිපුර වසම

"හදවත් යා කෙරෙන ගමේ පාලම වැඩසටහන" යටතේ මාදිවෙල මිරිහාන ප්‍රධාන ඇළ හරහා බෝධිය පාර හා මිරිහාන පාර යාකරන පාළම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක උත්සවය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 14 දින පවත්වන ලදී. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද දේශපාලන නියෝජිතයින් ද සහභාගි වෙන ලදී.

ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහරගම නගරය වසමේ රේණුකා දාබරේ මහත්මියගේ නිවස මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ සාර්ථකව නිමකර අවසන් කරන ලදී. එම නිවස හිමිකරුට බාර දීමේ උත්සවය 2021 මාර්තු මස 05 වන දින සම්බන්ධිකරණ කමිටු උපසභාපති උපාලි කොඩිකාර මැතිතුමා හා පළාතේ දේශපාලන නියෝජිතයින් සහ ග්‍රාම නිලධාරී එල්.පී.එස්.දයානන්ද මහතා සහ අනිකුත් රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව මෙය පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් නාවින්න ග්‍රාම නිලධාරී වසමේ පදිංචි වයස 30ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම දෙවන දිනටත් මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.06 දින නාවින්න රජමහ විහාරයේදී සිදු කරන ලදී. මේ සදහා මහරගම පොලිසිය,මහරගම නගර සභාව,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.
තවත් කියවන්න: කෝවිඩ් එන්නත දෙවන දිනටත් ලබාදීම - නාවින්න ග්‍රාම නිලධාරී වසම
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් ගොඩිගමුව දකුණ බී ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.03 දින සද්ධර්මාරාම විහාරස්ථානයේදී සිදු කරන ලදී. මේ සදහා මහරගම පොලිසිය,මහරගම නගර සභාව,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.
තවත් කියවන්න: ගොඩිගමුව දකුණ බී ග්‍රාම නිලධාරි වසම සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම

















