
Zoom තාක්ෂණය ඔස්සේ සුවපත් මනසක් සහ සුවපත් දිවියක් සඳහා චලන ප්‍රතිකාර සහ සංගීත ප්‍රතිකාර ඇසුරෙන් කලාකරුවන්ට උපදේශන වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරි නේත්‍රා ගයානි මහත්මිය විසින් 2021-05-28 දින පවත්වන ලදී. සංස්කෘතික නිළධාරි මේනකා විජේසිංහ මහත්මිය මෙය සංවිධානය කරන ලදී

ඇති වී තිබෙන හදිසි කෝවිඩ් තත්ත්වය යටතේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ රැස්වීමක් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරී ,සමෘද්ධි නිලධාරි සඳහා 2021-05-26 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: කෝවිඩ් තත්ත්වය යටතේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ රැස්වීමක් (2021-05-26)

ග්‍රාම නිලධාරී වසම් වල ප්‍රතිලාභීන් සදහා රු.5000 දීමනාව අප්‍රේල් 12,13 දිනවල ලබා දීම....
තවත් කියවන්න: ග්‍රාම නිලධාරී වසම් වල ප්‍රතිලාභීන් සදහා රු.5000 දීමනාව ලබා දීම

විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය zoom තාක්ෂණය ඔස්සේ ග්‍රාමීය කමිටු නිලධාරීන් අමතා පවතින තත්වය තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීම 2021-05-25 දින සිදුකරන ලදී.මේ සදහා මහජන නියෝජිතයින්,ග්‍රාම නිලධාරීන් ඇතුළු සිය දෙනෙකු පමණ zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
තවත් කියවන්න: Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ රැස්වීම -2021-05-25

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ සුර්යමංගලෝත්සවය 2021 ජන ක්‍රීඩා හා හෙළ අවුරුදු සිරිත් විරිත් ජනගත කිරීමේ වැඩසටහන කලල්ගොඩ අග්‍රාමාත්‍ය විදුහලේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 2021/04/02 දින පවත්වන ලදී.
තවත් කියවන්න: සුර්යමංගලෝත්සවය 2021 ජන ක්‍රීඩා හා හෙළ අවුරුදු සිරිත් විරිත් ජනගත කිරීමේ වැඩසටහන
















