
වාරි සෞභාග්‍යා වැඩසටහනට අදාළව බොරලැස්ගමුව වැව සම්බන්ධයෙන් 2021/03/31 වන දින 532 සි වත්තෙගෙදර වසමෙ වාපිකාරාම විහාරයේ දි පවත්වන ලද සාකච්ඡාව. මේ සඳහා ගෞරවනීය සංඝරත්නය ද දේශපාලන නියෝජිතයින් ද, ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වන ලදී.
තවත් කියවන්න: වාරි සෞභාග්‍යා වැඩසටහනට අදාළව බොරලැස්ගමුව වැව සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡාව

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් 532A ගොඩිගමුව දකුණ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.30 දින මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදු කරන ලදී. මේ සදහා මහරගම නගර සභාව, පොලිසිය,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.
තවත් කියවන්න: 532A ගොඩිගමුව දකුණ A ග්‍රාම නිලධාරි වසම සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021-02-12 වන දින ආරම්භ කල රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබා ගැනීමට නියමිත ද්විතික ගනයේ නිලධාරීන්ට දෙමළ භාෂා පැය 150 නොමිලේ පැවැත්වූ පාඨමාලාව 2021-03-26 වන දින සාර්ථකව අවසන් කරන ලදී.එහිදී එම නිලධාරින් විසින් තම දක්ෂතා එලි දැක්වීමට විවිධ අංගයන්ගෙන් යුත් දමිළ උත්සවයක් ජාතික ඒකාබද්ධතා නිලධාරී එල්.පී.එස්.ප්‍රසාදිකා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ඉතා සාර්ථකව 2021-03-26 වන දින පවත්වන ලදී.ඒ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ.එස්.ජයසුන්දර මැතිතුමිය හා සහකාර අධ්‍යක්ෂ සැලසුම් ඉනෝකා විජේගුණවර්ධන මැතිතුමිය ඇතුළු මාන්ඩලික නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
තවත් කියවන්න: දෙමළ භාෂාවේ පැය 150 නොමිලේ පැවැත්වූ පාඨමාලාව අවසන් කිරීමේ උත්සවය

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 29 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද දේශපාලන නියෝජිතයන්ද සහභාගී වන ලදී.මෙහිදී සංවර්ධන වැඩසටහන් පිළිබඳ හා වෙනත් ගැටළු යෝජනා පිළිබද සාකච්ඡා කරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් පොල්වත්ත හා පමුණුව ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.26 දින පොල්වත්ත ශ්‍රී ශ්‍රද්ධර්මාරාම විහාරස්ථානය දී සිදු කරන ලදී. මේ සදහා මහරගම නගර සභාව, පොලිසිය,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.
තවත් කියවන්න: පොල්වත්ත හා පමුණුව ග්‍රාම නිලධාරි වසම් සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම
















