
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් දෙපානම ග්‍රාම නිලධාරි වසමේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.18 දින ධම්මින්දාරාමයේදී සිදු කරන ලදී. මේ සදහා මහරගම නගර සභාව, පොලිසිය,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.





















