
කෝවිඩ් 19 හේතුවෙන් වසා ඇති පාසල් නැවත විවෘත කිරීම පිළිබද කමිටු නිර්දේශ ලබා ගැනීම සම්බන්ධයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධිකරණ කමිටු රැස්වීම සම්බන්ධිකරණ කමිටු ගරු සභාපති විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 1 වන දින පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය විසින් සම්බන්ධිකරණ කටයුතු හා මෙහෙයවීම සිදුකල අතර මේ සදහා සම්බන්ධිකරණ උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා ,කාන්ති කොඩිකාර මැතිනිය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ඇති පාසල් වල විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන්ද අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේද සහභාගිත්වයෙන් පැවැත්විණි.

2018 වසරේ සැප්තැම්බර් මස සිට සතිපතා සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සෑම සදුදා දිනකම උදෑසන රැස්වීමක් පවත්වන ලද අතර එහිදී සියලුම නිලධාරීන්ට රැස්වීම ඇමතීමට අවස්ථාවක් ලබාදෙන ලදී.එතැන් සිට මෙය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර 2020 මැද භාගයේදී කොවිඩ් 19 හේතුවෙන් තාවකාලිකව මෙය නතර කෙරිනි.2021 පෙබරවාරි 1වනදා සිට නැවතත් ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන නැවත ආරම්භ කරන ලදී.ඒ අනුව 2021 පෙබරවාරි 1වනදා දින ජාතික ධජය ඔසවා නිදහස් දිනයේ වැදගත්කම පිළිබද කාර්යය මණ්ඩලය දැනුවත් කිරීම සංස්කෘතික නිලධාරි ආර්.එම්.එස්.බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී.
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලවතුගොඩ නැගෙනහිර වසමේ ජයරංග සම්පත් මහතාගේ නිවසට මුල්ගල තැබීමේ උත්සවය දේශපාලන අධිකරිත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිතත්වයෙන් 2021-01-16 දින පවත්වන ලදී
තවත් කියවන්න: "ගමට ගෙයක් වැඩසටහන" තලවතුගොඩ නැගෙනහිර වසම -නිවසක් තැනීමට මුල්ගල තැබීමේ උත්සවය
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ලියනගොඩ වසමේ ග්‍රාමිය සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු කාර්‍යලය 2021-01-16 දින පිහිටුවන ලදී.මේ සදහා ගෞරවනීය සංඝරත්නය ඇතුළු දේශපාලන නියෝජිතයින් ,පොලිස් ආරක්ෂක කමිටුවේ නිලධාරීන් ,රාජ්‍ය නිලධාරීන් සහභාගී වන ලදී.
තවත් කියවන්න: ලියනගොඩ වසමේ ග්‍රාමිය සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු කාර්‍යලය පිහිටුවීම
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 532A ගොඩිගමුව දකුණ වසමේ චන්ද්‍රිකා මල්කාන්ති මහත්මියගේ නිවසට මුල්ගල තැබීමේ උත්සවය ගරු ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා , කමිටු නියෝජිත කාන්ති කොඩිකාර මැතිනිය ,නාගරික මන්ත්‍රි අමරපාල වන්නි ආරච්චි මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිතත්වයෙන් 2021-01-16 දින පවත්වන ලදී
තවත් කියවන්න: "ගමට ගෙයක් වැඩසටහන" 532A ගොඩිගමුව දකුණ වසම -නිවසක් තැනීමට මුල්ගල තැබීමේ උත්සවය



















