මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් පරිදි නිවාස වඩසටහන යටතේ 532 c වත්තෙගෙදර වසමෙ එම්. එල්. කරුණනාවති මහත්මියගේ නිවසට 2021/03/25 වන දින පෙ.ව.10.23 ට යෙදුණු සුබ මොහොතින් මුල් ගල තබන ලදි.. මේ සඳහා සම්බන්ධීකරණ කමිටු උප සභාපති උපාලි කොඩිකාර  මැතිතුමා හා දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නියෝජිතයින් සහභාගි වෙන ලදී

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් රුක්මළේ බටහිර/නැගෙනහිර/නැගෙනහිරA , කොට්ටාව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.24 දින ධර්මවිජයාලෝක විහාරයදී සිදු කරන ලදී. මේ සදහා මහරගම නගර සභාව, පොලිසිය,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් තලවතුගොඩ බටහිර/නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.19 දින ගනේලන්ද විහාරයදී සිදු කරන ලදී. මේ සදහා මහරගම නගර සභාව, පොලිසිය,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.

ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලපත්පිටිය වසමේ ඊ.බි.සිරිමාවතී මහත්මියගේ නිවස හා උඩහමුල්ල බටහිර වසමේ තනූජා මහත්මියගේ නිවස මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ සාර්ථකව නිමකර අවසන් කරන ලදී. එම නිවස හිමිකරුට බාර දීමේ උත්සවය 2021 මාර්තු මස 24 වන දින සම්බන්ධිකරණ කමිටු උපසභාපති උපාලි කොඩිකාර මැතිතුමා හා දේශපාලන නියෝජිතයින් සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය, සංවර්ධන නිලධාරී ,ග්‍රාම නිලධාරී, සහ අනිකුත් රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව මෙය පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩහමුල්ල නැගෙනහිර වසමේ සෝමාවතී මහත්මියගේ නිවසට මුල්ගල තැබීමේ උත්සවය 2021-03-19  දින පවත්වන ලදී. මේ සඳහා සම්බන්ධිකරණ කමිටු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා, කාන්ති කොඩිකාර මැතිතුමිය හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වන ලදී.

News & Events

Scroll To Top