
බොරලැස්ගමුව වැව පිළිසකර කිරීම නිරීක්ෂණය මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය විසින් 2021-06-15 වන දින සිදු කරන ලදී. මේ සඳහා සහකාර අධ්‍යක්ෂක සැලසුම් ඉනෝකා විජේගුණවර්ධන මහත්මිය හා නිමල් දයාරත්න මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද සහභාගි විය.
තවත් කියවන්න: බොරලැස්ගමුව වැව පිළිසකර කිරීම නිරීක්ෂණය- ප්‍රාදේශීය ලේකම්
(2021-06-08) 532 සී වත්තෙගෙදර ග්‍රාම නිලධාරී වසමේ එන්නත්කරනය සිදු කිරීම මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය කමිටුවේ උපරිම කැපවීම මත මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මගින් විපශ්‍යාරාම විහාරස්ථානයේදී 2021-06-08 දින සිදු කරන ලදී.

තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝවිඩ් එන්නත්කරන වැඩසටහන්

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 526C විජේරාම වසම හා මලපල්ල බටහිර වසමේ 2021/05/31 දින එළවළු මලු නොමිලේ ග්‍රාම නිලධාරී හා ග්‍රාමීය කමිටුවෙ සම්බන්ධීකරණයෙන් ප්‍රතිලාබින්ට ලබා දෙන ලදී.
තවත් කියවන්න: එළවළු මලු නොමිලේ බෙදා දීම - විජේරාම වසම හා මලපල්ල බටහිර වසම

කොට්ටාව දකුණ හා ලියනගොඩ වසම්වල ආපදා නිරීක්ෂණය මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය, ගණකාධිකාරි නදීකා ජීවන්ති මැතිණිය හා එම වසම් හි ග්‍රාම නිලධාරීන් විසින් 2021-06-06 දින සිදු කරන ලදී.
තවත් කියවන්න: ආපදා නිරීක්ෂණය මහරගම ප්‍රාදේශීය ලේකම්- කොට්ටාව දකුණ හා ලියනගොඩ වසම්වල

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩහමුල්ල නැගෙනහිර වසමේ පවුල් තිහක් සඳහා වියළි ආහාර මලු බෙදාදීම උඩහමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරි තුමිය ගේ මූලිකත්වයෙන් 2021-05-29 දින සිදු කරන ලදී
















