
2021-09-10 දින 493 කලල්ගොඩ වසමේ ආර්ථික අපහසුතා ඇති පවුල් 50ක් සදහා වියලි ආහාර මලු ලබාදීම පරිත්‍යාගශීලී මහත්මියක් විසින් සිදුකරන ලදි. ග්‍රාම නිලධාරී මහත්මියගේ සහභාගීත්වයෙන් එම ආහාර මලු ප්‍රතිලාභීන්ට ලබා දෙන ලදී.

ගෙවතු වගා වැඩසටහන 2021 මහ කන්නය මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සමාරම්භක උත්සවය සංකේතාත්මක ලෙස මෙහිදී බීජ පැකට් සහ පොල් පැල බෙදා දීම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021-09-09 දින සිදු කරන ලදී . මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය , සමෘද්ධි නගර කලාපයේ කළමනාකරු ,ව්‍යාපෘති කළමනාකරු , මූලස්ථාන කළමනාකරු,කලාපයේ සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් , පාලක මණ්ඩලය සභාපති ,සියලු වසම් නියෝජනය කරමින් ප්‍රතිලාභීන් මීට සහභාගි විය . මහරගම නගර කලාපයේ බොරලැස්ගමුව වැව් තාවුල්ලේ දී මෙම කටයුතු සිදු විය. මහරගම නගර සමෘද්ධී ප්‍රජා මූල මූල්‍ය බැංකුව මෙය සංවිධානය කර තිබුණි.

සංවර්ධන ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගණකාධිකාරී නදීකා ගුණතුංග මැතිණිය, සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිමල් දයාරත්න මහතා හා තාක්ෂණ නිලධාරි කාංචනා රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන් 2021-09-05 දින සිදු කරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ Zoom තාක්ෂනය ඔස්සේ ජාතික මට්ටමේ උපදේශන වැඩසටහනක් උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සම්පත්දායකයකත්වය ලබා දෙමින් 2021-09-08 දින පවත්වන ලදී.මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ උපදේශන අංශය විසිනි.

ග්‍රාම නිලධාරී වසම් වල ප්‍රතිලාභීන් සදහා රු.2000 දීමනාව අගෝස්තු 24 දින සිට ලබා දීම....
තවත් කියවන්න: ග්‍රාම නිලධාරී වසම් වල ප්‍රතිලාභීන් සදහා රු.2000 දීමනාව ලබා දීම
















