
මනෝවිද්‍යා උපදේශන නිලදාරිනී නේත්‍රා ගයානි මාලගොඩ මහත්මිය විසින් සම්පත් දායකත්වය සැපයූ සිතුවිල්ලෙන් ජයගත් සිහින ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ මහරගම විදාතා මධ්‍යස්ථාන නිලධාරිනී පුන්‍යා මහත්මිය විසින් සංවිධානය කර 2021-09-23 දින පවත්වන ලදී.
තවත් කියවන්න: සිතුවිල්ලෙන් ජයගත් සිහින ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන - Zoom තාක්ෂනය ඔස්සේ

ජාතික තරුණ සේවා සභාව ,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,පස්වන තරුණ පාර්ලිමේන්තුව , මහරගම යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය සංවිධානය කල ලේ දන්දීමේ කදවුර 2021-09-19 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල, ව්‍යාපාර අදහස් ජනනය කිරීමේ (business idea genaration ) වැඩසටහන මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ව්‍යාවසායකයන් 31දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2021-09-15 වන දින පෙ.ව.9.30සිට ප.ව.12.30 දක්වා zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදි. කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යාපාර සංවර්ධන පුහුණු නිළධාරින් විසින් වැඩසටහන මෙහෙයවන ලදි.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ ගම සමඟ පිලිසදර වැඩසටහන සම්බන්ධ රැස්වීමක් අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 16 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මේ සදහා සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ කාන්ති කොඩිකාර මැතිණිය ද, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද සහභාගී වන ලදී.
තවත් කියවන්න: ගම සමඟ පිලිසදර වැඩසටහන පිළිබද සම්බන්ධිකරණ රැස්වීම

2021.09.11 වැනි දින zoom තාක්ෂණය ඔස්සේ එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහිකිරීමේ වැඩසටහන සදහා ප්‍රතිලාභීන් 52 කු සදහා මූලික පුහුණු වැඩසටහන අදාළව මූල්‍ය කළමණාකරණ වැඩසටහනක් මහරගම විදාතා සම්පත් මධ්‍යස්ථානයේ J.K.D ජයසිංහ(තාක්ෂණ හා මානව සම්පත් ප්‍රවර්ධන සහකාර) මහත්මිය විසින් පවත්වන ලදී.
















