
2021-09-27 දින පෙ.ව 9.15 ට ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි කළමනාකරුවන්ගේ රැස්වීම සමෘද්ධි ව්‍යාපෘති අධ්‍යක්ෂ, මූලස්ථාන කළමනාකරු, ව්‍යාපෘති කළමනාකරු, බැංකු කළමනාකාරවරු හා වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙහිදී සමෘද්ධි ව්‍යාපෘති පිළිබඳ ප්‍රගතිය සාකච්ඡා කළ අතර සෞභාග්‍යයා සතිය වෙනුවෙන් නිවාස සඳහා පළවෙනි වාරික නිකුත් කිරීම, සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ ව්‍යාපෘති යටතේ මුදල් ලබාදීම, සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබා දීම ද ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.






















