කොවිඩ් තත්ත්වය හමුවේ මහජන සේවා පවත්වා ගැනීම පිළිබඳ Zoom තාක්ෂණය ඔස්සේ රැස්වීමක් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ.ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2021-08-23 දින පවත්වන ලදී. මේ සදහා පොලිස් ස්ථානාධිපති වරැ-( මහරගම, කොට්ටාව,මිරිහාන, තලංගම, හෝමාගම,කොහුවල,) මාණ්ඩලික නිලධාරීන්,සංවර්ධන නිලධාරීන් (වසම්)ග්‍රාම නිලධාරීන් zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලදී.

මහරගම යෞවන සමාජ සම්මේලනය විසින් කොරෝනා වසන්ගතය නිසා පීඩාවට පත්ව සිටින යෞවන සමාජ වල දරුවන් 22 වෙනුවෙන් එදිනෙදා අවශ්‍යවන රුපියල් 2000ක් වටිනා භාණ්ඩ මල්ලක් 2021-08-22 දින මහරගම තරුණ සේවා නිලධාරී පියුම් අතුරුගිරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා දෙන ලදී.

ගමට ගෙයක් වැඩසටහන යටතේ 532A ගොඩිගමුව දකුණ වසමේ නිලම්මහර පාර ජය මාවතේ බී.ඩී.දයාවතී මහත්මියගේ හා කොට්ටාව දකුණ වසමේ හේමමාලි මහත්මියගේ නිවාස වලට 2021-08-12 දින මුල් ගල තැබීම මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ගමට ගෙයක් වැඩසටහන යටතේ 496- ඊ ලියනගොඩ වසමේ 1267/3, මිල්ලගහවත්ත ,පන්නිපිටිය ,අංජලිකා රෂ්මි ගේ නව නිවසට මුල් ගල තැබීම මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 2021.08.18 දින සිදු කරන ලදී..

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාසික කොට්ඨාස දින රැස්වීම 2021.08.09 දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.මෙම අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ. එස්. ජයසුන්දර මහත්මිය , ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරී මහත්ම මහත්මීන් , කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් හා ක්ෂෙත්‍ර නිලධාරී මහත්ම මහත්මීන් එක්විය.

News & Events

Scroll To Top