රජය මඟින් වැඩි කළ සමෘද්ධි සහනාධාර බෙදා දීමේ ප්‍රධාන නිල උත්සවය මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහරගම නගර කලාපයේ 532C වත්තෙගෙදර ග්‍රාම නිලධාරී වසමේ සිදු කරන ලදී

මෙම අවස්ථාවට ගරු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක සම්බන්ධීකරණ කමිටු සභාපති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

සංවර්ධන කමිටු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ,මූලස්ථාන කළමනාකාරතුමිය ,මහරගම නගර කලාප කළමනාකාර තුමිය,වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි හා ග්‍රාමීය කමිටුවේ සහභාගිත්වයෙන් 2022-02-14 දින සිදු කරන ලදී.

තලවතුගොඩ නැගෙනහිර මහජන ආරක්ෂක කමිටු රැස්වීම පැවැත්වීම හා හැදුනුම්පත් ලබා දීම ජෝතිකාරාම විහාරස්ථානයදී 2022-02-13 දින ගරුතර සංඝරත්නයෙ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස් කේ ජයසුන්දර මැතිණියගේ අධීක්ෂණය මත සතුට පිරුණු අපේ ලොවක් යන තේමාව යටතේ කාර්යාලයට අනුයුක්ත අහඹු ලෙස තෝරාගත් නිලධාරි කණ්ඩායමක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් කලා ප්‍රතිකාර සහ සතිමත් බව පදනම් කරගත් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් මාලාවේ තෙවැනි වැඩසටහන 2022-02-10දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී කරන ලදී. මෙය මාස හතරක් මුළුල්ලේ සිදු කිරීමට නියමිත පර්යේෂණාත්මක වැඩසටහන් මාලාවකි. මේ වැඩසටහන් නිර්මාණය කරන ලද්දේ මනෝවිද්‍යාව උපදේශන නිලධාරීනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.මේ සඳහා සම්පත් දායකත්වය මනෝ විද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මි සහ උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවෙල මහත්මිය විසින් ලබා දෙන ලදී.

2022 වර්ෂයේ දී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැඩි කල සමෘද්ධි සහනාධාර බෙදීමේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 2022.02.14 තලවතුගොඩ බටහිර, ප්‍රගතිපුර, ගොඩිගමුව දකුණA, මාලපල්ල නැගෙනහිර ,මාලපල්ල බටහිර, දඹහේන වසම පමුණව වසම් වල දේශපාලන අධිකාරිත්වයෙන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

රුක්මලේ බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය සංවිධානය කල නිදහස් ජාතික දින සැමරුම , ශ්‍රමදානය, පැල රෝපන වැඩසටහන සහ දරුවන් ඇගයීම් වැඩසටහන රුක්මලේ බටහිර ග්‍රාම නිලධාරීනිය හා ග්‍රාම සංවර්ධන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2022-02-04 දින සිදු කරන ලදී.

News & Events

Scroll To Top