
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සියලු පෙර පාසල් කේන්ද්‍ර කර ගනිමින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළි දැක්වීමේ වැඩසටහන් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ අධීක්ෂණය මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී නිලූෂනී ආරියරත්න මහත්මියගෙ මෙහෙය වීමෙන් හා පෙරපාසල් ඒකාබද්ධ ගුරු සංගමයෙ සංවිධානත්වයෙන් 2022-03-15 දින සිදු කරන ලදී. මෙම වැඩසටහන් සඳහා පෙර පාසල් 60කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ විය.
තවත් කියවන්න: දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළි දැක්වීමේ වැඩසටහන්

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ ව්‍යාපෘති වල ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධීකරණ රැස්වීමක් ගරු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022-03-15 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සදහා දේශපාලන නියෝජිතයින් සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද සහභාගී වන ලදී.
තවත් කියවන්න: ව්‍යාපෘති වල ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධීකරණ රැස්වීම(2022-03-15)

Covid 19 වසංගත තත්ත්වය මත පීඩාවට පත් දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීම යටතේ තෝරා ගත් අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් සදහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2022-03-11 දින ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි විසින් සංවිධානය කරන ලදී .ඒ අවස්ථාව සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් S.K. ජයසුන්දර මැතිණිය හා සහකාර අධ්‍යක්ෂ නිමල් දයාරත්න මහතා ද සහභාගි විය.

47 වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර වන අන්තර් ක්‍රීඩා සමාජය ක්‍රීඩා උළෙල මහරගම කොට්ඨාස 2022.03.12 දින මහරගම ජාතික තරුණ සේවා ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. මේ සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මහරගම ක්‍රීඩා නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති තුමා,ජනාධිපති විද්‍යාලය විදුහල්පති තුමා, සියලුම ක්‍රීඩා සමිති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය.

"සැමට මානසික පීඩාවෙන් තොර ජීවිතයක්" මුල් ළමාවිය ගුරු මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් හය මාසයක පැවැත්වීමට අපේක්ෂිත මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුවේ පලවෙනි වැඩසටහන 2022-03-09 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. වැඩසටහන සංවිධානය මුල් ළමාවිය සංවර්ධන නිලධාරි නිලූෂිනී ආරියරත්න මහත්මිය විසින් සිදුකරන ලබන අතර මෙහි සම්පත් දායකත්වය මනෝවිද්‍යාත්මක උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය, උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවල මහත්මිය සහ සහකාර උපදේශන මත්ද්‍රව්‍ය කල්හාරි වාසනා මහත්මිය විසින් සපයන ලදී. මෙම වැඩසටහනේ සංකල්පය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය උපදේශන අංශය විසින් නිර්මාණය කරන ලද්දකි
තවත් කියවන්න: මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුවේ පලවෙනි වැඩසටහන
















