හරිත දැයක් ජාතික ගෙවතු වැඩසටහන යටතේ 2022-04-22 දින 493 කලල්ගොඩ වසමේ එලවළු පැළ බාස්කටි දහසක් බෙදාදීම ගුණසේකරාරාම විහාරස්ථානයේ දී සිදුවිය. ග්‍රාම නිලධාරී , සමෘද්ධි නිලධාරී ,සංවර්ධන නිලධාරී ,කෘෂි නිලධාරීන් හා අනිකුත් නිලධාරීන් හා ස්වේච්ඡා සංවිධාන වල සහභාගිත්වයෙන් පැවැත් වූ වැඩසටහනේ පළමු පැළ බෙදාදීම ජනප්‍රිය කලා ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියට ද සංකේතාත්මකව ලබාදෙන ලදී.

ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස් කේ ජයසුන්දර මැතිණියගේ අධීක්ෂණය මත සතුට පිරුණු අපේ ලොවක් යන තේමාව යටතේ කාර්යාලයට අනුයුක්ත අහඹු ලෙස තෝරාගත් නිලධාරි කණ්ඩායමක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් කලා ප්‍රතිකාර සහ සතිමත් බව පදනම් කරගත් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් මාලාවේ හත් වෙනි වැඩසටහන 2022-04-21දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී කරන ලදී. මෙය මාස හතරක් මුළුල්ලේ සිදු කිරීමට නියමිත පර්යේෂණාත්මක වැඩසටහන් මාලාවකි. මේ වැඩසටහන් නිර්මාණය කරන ලද්දේ මනෝවිද්‍යාව උපදේශන නිලධාරීනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.මේ සඳහා සම්පත් දායකත්වය මනෝ විද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් ලබා දෙන ලදී.

සිඟිති බක්මහ අසිරිය

මහරගම කොට්ඨාසයේ සියලු පෙර පාසල් සහභාගිත්වයෙන් 2022.04.08 දින අවුරුදු සිරිත් විරිත් හා ජන ක්‍රීඩා සිදු කිරීම.

මෙහෙයවීම = මුල්ළමාවිය සංවර්ධන නිළධාරි නිලූෂනී ආරියරත්න මිය

සහභාගිත්වය ,උපදේශන නිළධාරි ශ්‍රීපාලිමිය

නර්තන නිළධරිනී ආරියරත්න මිය,

අධික්ෂණය, ප්‍රදේශීය ලේකම්  දිල්රුක්ෂි වල්පොළ මහත්මිය.


සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා සිංහල හින්දු අලුත් අවුරුදු සංග්‍රහයක් ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-04-18 වන දින පවත්වන ලදී.

පමුණුව වැඩිහිටි සමිතියේ සංවත්සර උත්සවය මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් S.K. ජයසුන්දර මැතිණියගේ ප්‍රධානත්වයෙන් පමුණුව ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී 2022-04-06 දින සිදු කරන ලදී.

News & Events

Scroll To Top