ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස් කේ ජයසුන්දර මැතිණියගේ අධීක්ෂණය මත සතුට පිරුණු අපේ ලොවක් යන තේමාව යටතේ කාර්යාලයට අනුයුක්ත අහඹු ලෙස තෝරාගත් නිලධාරි කණ්ඩායමක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් කලා ප්‍රතිකාර සහ සතිමත් බව පදනම් කරගත් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් මාලාවේ අටවෙනි වැඩසටහන 2022-05-05 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී කරන ලදී. මෙය මාස හතරක් මුළුල්ලේ සිදු කිරීමට නියමිත පර්යේෂණාත්මක වැඩසටහන් මාලාවකි. අද වැඩ සටහන් මාලාවේ අවසාන වැඩසටහනයි.මේ වැඩසටහන් නිර්මාණය කරන ලද්දේ මනෝවිද්‍යාව උපදේශන නිලධාරීනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.මේ සඳහා සම්පත් දායකත්වය මනෝ විද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය සහ පදේශන සහකාර ශ්‍රීපාලි පිටවෙල මහත්මිය විසින් ලබා දෙන ලදී.

2022-05-03 දින 496D කොට්ටාව බටහිර වසමේ වැඩිහිටි සමිතියේ මිය ගිය සාමාජිකයන් හට පිං පැමිනවිමේ අරමුනෙන් සිදු කරන ලද සාංඝික දානමය පිංකමක් පැවැත්වූ අතර ඒ සදහා මහරගම ප්‍රාදේශිය ලේකම් තුමිය, ආර්ථික සංවර්ධන නිලධාරි , ග්‍රාම නිලධාරි සහභාගි විය.

කොවිඩ් උවදුර හේතුවෙන් ළමයින්ට අහිමි වූ ක්‍රීඩා හා විනෝදාත්මක අවස්ථා යළි උදා කර දීමේ අරමුණින් 496 කොට්ටාව දකුණ ග්‍රාම නිලධාරි වසමේ අප්‍රේල් 24 වන දින මහජන ආරක්ෂක කමිටුව හා සමගි යෞවන සමාජය විසින් ළමුන් වෙනුවෙන් සංවිධානය කළ "අසිරිමත් අවුරුද්ද" ළමයින්ගෙ බක්මහ උළෙල මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

මුල් ළමාවිය ගුරු මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් හය මාසයක පැවැත්වීමට අපේක්ෂිත මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුවේ දෙවෙනි වැඩසටහන 2022-04-27 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. වැඩසටහන සංවිධානය මුල් ළමාවිය සංවර්ධන නිලධාරි නිලූෂිනී ආරියරත්න මහත්මිය විසින් සිදුකරන ලබන අතර මෙහි සම්පත් දායකත්වය මනෝවිද්‍යාත්මක උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සපයන ලදී, උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවල මහත්මිය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහාය දෙන ලදී . මෙම වැඩසටහනේ සංකල්පය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය උපදේශන අංශය විසින් නිර්මාණශීලී වැඩසටහන් යටතේ නිර්මාණය කරන ලද්දකි.

උඩහමුල්ල බටහිර 525B ග්‍රම නිලධාරී වසමේ සෙනෙහස වැඩිහිටි සංවිධානය 2022 අවුරුදු උත්සවය 525B ග්‍රාම නිලධාරී සේවා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් 2022 /04/ 23 වැනි දින සිදු කෙරිණි. මේ සඳහා වැඩිහිටි සමිතියේ සාමාජිකයන්, රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයින් ද සහභාගි වන ලදී.

News & Events

Scroll To Top