"මා නොහඳුනන මා" 2022 ලෝක කාන්තා දිනය නිමිති කොටගෙන පන්නිපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරී තුමිය, සංවර්ධන නිලධාරි තුමිය, සමෘද්ධි සංවර්ධන නිලධාරී තුමිය සංවිධානය කරන ලද කාන්තා දැනුවත් කිරීමේ වැඩසටහනෙ දේශණය මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් 2022-03-05 දින පන්නිපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ සේවා පියස ප්‍රජා ශාලාව තුළ සිදු කරන ලදී.

මාලපල්ල නැගෙනහිර මහජන ආරක්ෂක කමිටු කාර්‍යාලය විවෘත කිරීම මාලපල්ල සුදර්ශනාරාමාධිපති අතිපූජ්‍ය අග්‍රහැර කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2022-03-05 දින සිදු කරන ලදි. මේ සඳහා කොට්ටාව පොලිස් ස්ථානාධිපති සුභාෂණ වන්නිආරච්චි මැතිතුමා, ප්‍රජා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද මහතා, ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී, ප්‍රදේශයෙ ප්‍රභූවරුන්, මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින් සහභාගීවන ලදී.

ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් අවසන් කළ රන් පියුම් පෙර පාසල හා අනෙකුත් පෙර පාසල් අධීක්ෂණය ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම් S.K.ජයසුන්දර තුමිය හා මුල්ළමාවිය සංවර්ධන නිළධාරිනි නෘලූෂිනී ආරියරත්න මේ අවස්ථාවට සහභාගී විය. (2022-03-02)

ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   2022 වර්ෂයේ පළමු කාර්තුව සදහා සිදු කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය විමසීමේ විශේෂ ප්‍රගති සමාලෝචනය රැස්වීමක් 2022.03.03 දින කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමාගේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි .මෙම අවස්ථාව සදහා , කොළඔ දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා,මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය, මහරගම ගණකාධිකාරී ජනක නයන කුමාර මහතා, තාක්ෂණ නිලධාරීන් ඇතුළු මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය.සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී නිලධාරීන් හට මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික ගැටළු පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන ලදී.

“හඳුනා ගතිමි මා” ප්‍රජා විශෝධන ලාභීන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහන 2022-02-28 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ප්‍රජා විශෝධන නිලධාරි ගිහාන් ගෝවින්න මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහනෙහි දේශනය මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සිදු කරන ලදී.

News & Events

Scroll To Top