
කොට්ඨාස දින රැස්වීම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-03-09 දින සහකාර ප්‍රාදේශීය ලේකම් S.K.ජයසුන්දර මැතිණිය , ග්‍රාම නිලධාරීන්, අනිකුත් ආයතනවල නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොට්ටාව නගරය වසමෙ ග්‍රාම නිලධාරී පනාගොඩ මහත්මිය, ආර්ථික සංවර්ධන නිලධාරීන් සුවන්දිකා කස්තූරි ආරච්චි මහත්මිය ඇතුළු සිවිල් ආරක්ෂක කමිටුව මැදිහත්කරණයෙන් සොදූරු ලියට මල් මිටක් නැමති කාන්තා දින වැඩසටහනෙහි ගැහැනියකගේ මනෝභාවයන් පිළිබඳ මනොවිද්‍යාත්මක සවිබලකරණ වැඩසටහන 2022-03-08 දින මනෝවිද්‍යා උපදේශන නිලධාරිනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සිදු කරන ලදී. ඊට අමතරව ගැහැනිය සඳහා මනෝවිද්‍යා මැදිහත්කරණය සඳහා දායක වීම පිළිබඳ දැනුවත් කිරීමක් උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවෙල මහත්මිය සිදු කල අතර සහ මත්ද්‍රව්‍ය උපදේශන සහකාර කල්හාරි වාසනා මහත්මිය ද එයට සහයෝගය ලබා දෙන ලදී.
තවත් කියවන්න: කාන්තාවන් සදහා මනොවිද්‍යාත්මක සවිබලකරණ වැඩසටහන 2022

කාන්තා දිනය වෙනුවෙන් භික්ෂුනින් වහන්සෙලාගෙ පිණ්ඩපාත චාරිකාව. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් පිරිකර පුජා කිරිම 2022.03.08 දින සිදු කරන ලදී.
තවත් කියවන්න: කාන්තා දිනය වෙනුවෙන් භික්ෂුනින් වහන්සෙලාගෙ පිණ්ඩපාත චාරිකාව

ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 වර්ෂයේ පළමු කාර්තුව සදහා සිදු කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය විමසීම හා මහජන නියෝජිතයින්, සමිති, කොන්ත්‍රාත්කරුවන් දැනුවත් කිරීමේ රැස්වීමක් 2022.03.08 දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිමල් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.මෙම අවස්ථාව සඳහා මහජන නියෝජිතයින්, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, සමිති නියෝජිතයින්, කොන්ත්‍රාත්කරුවන් සහභාගි වන ලදී.

උඩහමුල්ල බටහිර 525 B ග්‍රාම නිලධාරි වසමේ සෙනෙහස වැඩිහිටි සමිතියේ සාමාජිකයන් 25 දෙනෙක් සඳහා රුපියල් 75,000 පමණ වටිනා ඇස්කන්නාඩි ප්‍රදේශයේ දානපතියන්ගේ පරිත්‍යාගයෙන් සිදු කිරීම සඳහා නොමිලේ ඇස් පරික්ෂා කිරීමේ සායනයක් 2022-03-06 දින උඩහමුල්ල බටහිර 525 සේවා පියසේදි සිදු කරන ලදි.
















