ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙහෙයවීම මත මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ඉදිකළ නිවාස කිහිපයක් විවෘත කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගරු සභාපති දුමින්ද සිල්වා මැතිතුමාගේ හා ගරු සම්බන්ධීකරණ කමිටු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා, කාන්ති කොඩිකාර මැතිණිය හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-03-26 දින උඩහමුල්ල නැගෙනහිර නිවාස 2ක්, පතිරගොඩ නිවාස 2ක්, ගොඩිගමුව දකුණ නිවාස 1ක්, කොට්ටාව දකුණ නිවාස 2ක් යන විවෘත කිරීම සිදු කරන ලදී. මේ සඳහා නාගරික මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ග්‍රාමීය කමිටු නියෝජිතයින්ද සහභාගී වන ලදී.

මුල්ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ දෙමව්පියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන

දිනය-2022-03-25

ස්ථානය- විදුමිණ පෙර පාසල,මාකුඹුර

සම්පත් දායකත්වය - නිලූෂනී ආරියරත්න ,මුල්ළමාවිය සංවර්ධන නිළධාරි

මැහුම් කාර්මාන්තයේ නිරතවන කාන්තා ව්‍යවසායකයින් 84 දෙනෙක් සඳහා ආදර්ශ ගම්මාන වැඩසටහනක් නාගරික මන්ත්‍රී ජගත් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාලපල්ල නැගෙනහිර ,මාලපල්ල බටහිර, මාකුඹුර උතුර යන වසම් සඳහා 2022-03-18 දින මාලපල්ල සහන පියසෙදී පවත්වන ලදී. ඒ සඳහා සමෘද්ධි ව්‍යාපෘති කළමනාකරු සමීර අනුරංග මහතා, වසම් වල සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරීන් අනිකුත් රාජ්‍ය නිලධාරීන් සහභාගි වන ලදී

ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස් කේ ජයසුන්දර මැතිණියගේ අධීක්ෂණය මත සතුට පිරුණු අපේ ලොවක් යන තේමාව යටතේ කාර්යාලයට අනුයුක්ත අහඹු ලෙස තෝරාගත් නිලධාරි කණ්ඩායමක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් කලා ප්‍රතිකාර සහ සතිමත් බව පදනම් කරගත් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් මාලාවේ හයවෙනි වැඩසටහන 2022-03-24 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී කරන ලදී. මෙය මාස හතරක් මුළුල්ලේ සිදු කිරීමට නියමිත පර්යේෂණාත්මක වැඩසටහන් මාලාවකි. මේ වැඩසටහන් නිර්මාණය කරන ලද්දේ මනෝවිද්‍යාව උපදේශන නිලධාරීනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.මේ සඳහා සම්පත් දායකත්වය මනෝ විද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මි සහා උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවෙල මහත්මිය   විසින් ලබා දෙන ලදී.

ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ අධීක්ෂණය මත සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන සතියෙ පළවෙනි කාර්තුවේ වැඩසටහන ළමා මානසික සවිබළකරණය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පාසලේ 2022-03-15 දින සිදු කරන ලදී. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ගොඩිගමුව උතුර, ගොඩිගමුව දකුණ සංවර්ධන නිලධාරි මහත්මියන් විසිනි. මෙම වැඩසටහන නිර්මාණය සිදුකළේ මනෝවිද්‍යා උපදේශන නිලධාරිනී නේත්‍රා මාලගොඩ මහත්මියයි. මෙහි සම්පත් දායකත්වය නේත්‍රා මාලගොඩ මහත්මියත්, සහකාර උපදේශන නිලධාරී ශ්‍රීපාලි පිටවෙල මහත්මියත් ලබා දෙන ලදී.ඒ වගේම මේ වැඩසටහන සදහා සංවර්ධන නිලධාරී යමුනා මහත්මියත් සහභාගි වන ලදී.

News & Events

Scroll To Top