තලපත්පිටිය ග්‍රාම සංවර්ධන සමිති මහා සභාව හා ඊට සමගාමීව දුවාදරුවන් සදහා හිතවතුන්ගේ ධන පරිත්‍යාග මත පාසල් පොත් හා උපකරණ ලබාදීම ගරුතර සංඝරත්නය ප්‍රධානත්වයෙන් හා ග්‍රාම නිලධාරී තුමිය ගේ, ගරු සභාපති ගේ ප්‍රධානත්වයෙන් 2022-02-26 දින සිදු කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස් කේ ජයසුන්දර මැතිණියගේ අධීක්ෂණය මත සතුට පිරුණු අපේ ලොවක් යන තේමාව යටතේ කාර්යාලයට අනුයුක්ත අහඹු ලෙස තෝරාගත් නිලධාරි කණ්ඩායමක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් කලා ප්‍රතිකාර සහ සතිමත් බව පදනම් කරගත් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් මාලාවේ සිව් වැනිවැඩසටහන 2022-02-24 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙය මාස හතරක් මුළුල්ලේ සිදු කිරීමට නියමිත පර්යේෂණාත්මක වැඩසටහන් මාලාවකි. මේ වැඩසටහන් නිර්මාණය කරන ලද්දේ මනෝවිද්‍යාව උපදේශන නිලධාරීනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.මේ සඳහා සම්පත් දායකත්වය මනෝ විද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය , උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවෙල මහත්මිය , සහකාර උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) කල්හාරි වාසනා මහත්මිය විසින් ලබා දෙන ලදී.මෙය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල උපදේශන අංශය විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණශීලී ව්‍යාපෘති වැඩසටහනකි.

මහරගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති නිලවරණ රැස්වීම 2022-02-19 වන දින ගරුතර සංඝරත්නය හා රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව හා පරිසර කමිටුව ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-02-22 දින පවත්වන ලදී. මේ සඳහා සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ),ගරු දිනේශ් ගුනවර්ධන අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් පියසිරි ලියනගේ මහතා, මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි ,කෘෂිකර්ම උපදේශක , පොල් සංවර්ධන නිලධාරි , සත්ත්ව සංවර්ධන නිලධාරි ,තාක්ෂණ නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා ගොවි සමිති නියෝජිතයන් ද සහභාගි විය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් එකම පවුලේ සාමාජිකයන් වශයෙන් එකම කණ්ඩායමක් ලෙස කාර්යක්ෂමව වැඩ කිරීම තවදුරටත් දියුණු කිරීම උදෙසා ජනතාවට ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් ලබාදීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් /මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිරීක්ෂණ වැඩසටහන ආරම්භ කිරීම මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ 2022/02/17 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් /මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමා, අතිරේක දිසාපති තුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ, ප්‍රධාන ගණකාධිකාරි තුමා, ප්‍රධාන අභ්‍යන්තර විගණක හා අනිකුත් මාණ්ඩලික නිලධාරීන් ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් සිදු කරන ලදී.

News & Events

Scroll To Top