
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සියලු පෙර පාසල් කේන්ද්‍ර කර ගනිමින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළි දැක්වීමේ වැඩසටහන් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ අධීක්ෂණය මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී නිලූෂනී ආරියරත්න මහත්මියගෙ මෙහෙය වීමෙන් හා පෙරපාසල් ඒකාබද්ධ ගුරු සංගමයෙ සංවිධානත්වයෙන් 2022-03-15 දින සිදු කරන ලදී. මෙම වැඩසටහන් සඳහා පෙර පාසල් 60කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ විය.





















